2012 ඔක්තෝබර් 09 අගහරුවාදා

 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster
රට පුරා උසාවි
ඊයේ නිහඬයි

විරෝධය දිගටමද
විනිසුරු තීරණය අද

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධතාව දැක්‌වීම සඳහා විනිසුරුවරුන්, අධිකරණ සේවකයන් හා නීතිඥවරුන් අධිකරණ ක්‍රියාදාමයෙන් ඉවත්වීම හේතුවෙන් ඊයේ (08 දා) දිවයින පුරා සියලු අධිකරණවල කටයුතු ඇනහිටින ලදී.


මාලදිවයින්  හිටපු
ජනපති  අත්අඩංගුවට

මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ඊයේ (8 දා) එරට ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත.
 


මාලබේට එරෙහි
පෙත්සම ඉවතට


මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විශ්වවිද්‍යාල කථිකා චාර්යවරුන් දෙදෙනකු සහ රජයේ වෛද්‍යවරුන් දෙදෙනකු එකතුව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (8 දා) විභාගයක්‌ පැවැත්වීමට නියම කරන්නේ නැතිවම නිෂ්ප්‍රභ කළේය.


කුඹුක්‌කන නිවෙසක
මව සහ පුතු නිදි

පැදුරේදීම  කපා කොටා දමලා


මොනරාගල කුඹුක්‌කන ගල්වල පාරේ නිවසකට ඊයේ (8 දා) අලුයම ඇතුළු වූ සාහසිකයකු නිදාගෙන සිටි මවට සහ පුතාට තියුණු ආයුධයකින් පහර දිමෙන් දහසය හැවිරිදි පුතා මියගොස්‌ ඇතැයි මොනරාගල පොලිසිය පවසයි.



අධිකරණ සේවා ලේකම්ට
පහරදීම රටට අපකීර්තියක්‌


අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල වූ මැර ප්‍රහාරය රටට අපකීර්තියක්‌ බවත් එම ප්‍රහාරයට සම්බන්ධ වූවන් වහාම නීතිය හමුවට පමුණුවන ලෙස රජයට බලකර සිටින බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (08 දා) පැවසීය.


මාලනී අද යළි
දිවුරුම් දෙයි


සිනමා නිළි මාලනී ෆොන්සේකා මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද (09 වැනිදා) යළිත් දිවුරුම් දීමට නියමිතය. මාලනී ෆොන්සේකා මහත්මිය එක්‌සත්  ජනතා නිදහස්‌ සන්ධානයේ පත්කළ මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පත්වූ අතර ඇය පසුගියදා හදිසියේම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වූයේය.


යාපනයේ විදුලියෙන්
වසරකට  පාඩුව කෝටි 300 යි

යාපනයට විදුලිය ලබාදීම නිසා ලංකා විදුලිබල මණ්‌ඩලයට වසරකට සිදුවන පාඩුව රුපියල් කෝටි තුන්සියයක්‌ බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
 



ඊයේ අලුත්කඩේ
උසාවිය..

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය පළකරමින් ඊයේ (08 දා) රට පුරා අධිකරණවල මහෙස්‌ත්‍රාත්වරුන් හා විනිසුරුවන් සිය රාජකාරිවලින් ඉවත්වීම නිසා අධිකරණ පද්ධතිය මුළුමනින්ම පාහේ අක්‍රිය විය. කොළඹ අලූත්කඩේ අධිකරණ සංකීර්ණයේ මහාධිකරණ ශාලා ඊයේ (08 දා) හිස්‌ව තිබූ අයුරු හා ප්‍රහාරයට විරෝධය පළකරමින් අලූත්කඩේ අධිsකරණ සංකීරණයේ නීතිඥවරු උද්ඝෝෂණය කළ අයුරු.
ඡායාරූපය : කමල් බෝගොඩ



කර්නල් පදවි ලැබූ විදුහල්පතිවරු...

ජාතික ශිෂ්‍ය භට බළකාය වෙතින් පුහුණුව ලැබීමෙන් අනතුරුව විසිර ගිය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිවරුන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් විසිදෙනකුට බ්‍රවේ කර්නල් තනතුරු ලබාදීම හා නිල ලාංඡන පැළඳවීම ඊයේ (08 වැනිදා) රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිදුවිය. එහිදී ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් කර්නල් පදවි ලබාගත් විදුහල්පතිවරුන් සමූහ ඡායාරූපයකට මුහුණදුන් අයුරු.
ඡායාරූපය - නිශාන්
එස්‌. ප්‍රියන්ත


නියඟය දික්‌ වුණොත්
යළි විදුලි කප්පාදුවක්‌


පවතින නියඟය තව සති කිහිපයක්‌ පැවතුණහොත් යළි විදුලිය කපාහැරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්‌ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.



ක්‍රිකට්‌ පරාජය
ගැන ශෝකයෙන්
හැටන් තරුණයෙක්‌

දිවි නසාගනී


පෙරේදා (07 වැනිදා) අවසන් වූ විස්‌සයි විස්‌ස ලෝක කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පරාජය දරාගත නොහැකිව හැටන් ප්‍රදේශයේ තරුණයකු ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇත. මෙසේ මියගොස්‌ ඇත්තේ හැටන්, කුඩාඔය ප්‍රදේශයේ පදිංචිව  සිටි 26 හැවිරිදි මහේන්ද්‍රන් සුරේන්ද්‍රන් නමැති අවිවාහක තරුණයෙකි.


  
 
  • වෙරළාරක්‍ෂක බළකාය
    සමග මිරිස්‌සේ ගම්මු ගැටෙති


    මිරිස්‌ස ධීවර වරාය අසල පිහිටුවා ඇති වෙරළාරක්‍ෂක බළකායට අයත් මුරපළක සේවයේ යෙදී සිටි භට පිරිසක්‌ ප්‍රදේශවාසීන් සමග ඇති කරගත් ගැටුමක්‌ හේතුවෙන් ඊයේ (8 දා) උදෑසන එම ප්‍රදේශය දැඩි උණුසුම් විය.
     
  • ජනවාරියේ චක්‍රලේඛය පිළිගැනීමට බැහැ
    - ආචාර්යවරු පී. බී. ට කියති

    පසුගිය ජනවාරි මාසයේ නිකුත් කළ චක්‍රලේඛයෙන් කළ වැටුප් වැඩි කිරීම පිළිගත නොහැකි බව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාට ඊයේ (08 වැනිදා) දැනුම් දුන්නේය.

 
  • වන්නියේ ගොවීන්ට  නියඟය මදිවාට අලි කරදර

    සුසන්ත ගේ පැළ පොල් හා පීදී තිබු පොල් පැළ 100 ක්‌ පමණ ද කෙසෙල් වගාවන් ද එදින අලුයම පැමිණ වල් අලි විසින් පෙරළා කඩා බිම දමා බොඩ උදුරා කා දමා ගොස්‌ තිබිණි. ඔහුගේ පොල් ඉඩම යකුන් නැටූ පිටියක්‌ සේ දිස්‌විණ. ඔහුගේ පැල්පත ද බිම පෙරළා දමා තිබිණි. මීට ප්‍රථම ද අලින් පැමිණ මෙසේ වගා හානිකොට තිබිණි.

 


 
  • මේ සිදුවන දේවල්  අධිකරණයේ
    ස්‌වාධීනත්වයට  තර්ජනයක්‌·

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති
    ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ

    අද වන විට රටේ නීතිය උඩු යටිකුරු බවට පත් වීමක්‌ සිදුවෙලා තියෙනවා. ස්‌වාධීන පරීක්‍ෂණ කමිටු පත් කරන්නේ ඇතිවූ තත්ත්වය යට ගහන වෑයමක්‌. ආණ්‌ඩුවට ඇති වූ සිද්ධිය හංගන්න යටගහන්න ඕනේ නම් කරන්නේ විශේෂ කමිටු පත් කරන එක. කනගාටුව ප්‍රකාශ කරන එක. ඉන් එහාට පිළියමක්‌ වන්නේ නෑ. පොලිසිය පිළිබඳ ඇති විශ්වාසය ශීඝ්‍ර ලෙස පහළ ගොස්‌ තිබෙනවා. ඒ අයට නියම පරිදි රාජකාරිය කරන්න බැරි තත්ත්වයක්‌ ඇතිවෙලා. මුලදී පොලිසිය නියම විධියට පරීක්‍ෂණ කරනවා. පහුවෙන කොට ඒවාට දේශපාලන මැදිහත් වීම් අත පොවනවා.
     
  • ගුරුවරයාට  තත්ත්වයක්‌ ලබා දිය යුතුය

    1994 ඔක්‌තෝබර් මස 06 වැනි දින ශ්‍රී ලංකාවේ ගුරු සේවය පිහිටුවන ලදි. ගුරුවරයාගෙන් ශිෂ්‍ය පරපුරට සිදුවන සේවය සැලකිල්ලට ගෙන ගුරුවරයාගේ තත්ත්වය නගාසිටුවීම සඳහා ගුරු සේවය ස්‌ථාපිත කිරීම අගේ කළ යුතුය. ගුරුවරයාට ගෙවනු ලැබුවේ කම්කරුවන්ටත් වඩා අඩු වැටුපකි.

  

  • SLIITඋසස්‌ අධ්‍යාපන ආයතනය ITඋපාධිය සඳහා
    සිසුන් බඳවා ගැනීම අරඹයි


    ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්‍ෂණ උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය SLIITමෙරට ශ්‍රම බළකාය සවිබල ගැන්වීම සඳහා අනාගත පරපුර තොරතුරු තාක්‍ෂණික ක්‍ෂේත්‍රයේ නිපුණයන් බවට පත් කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් නව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ කරයි.

  


 

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.