මාලබේට එරෙහි පෙත්සම ඉවතට

සරත් ධර්මසේන

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විශ්වවිද්‍යාල කථිකා චාර්යවරුන් දෙදෙනකු සහ රජයේ වෛද්‍යවරුන් දෙදෙනකු එකතුව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (8 දා) විභාගයක්‌ පැවැත්වීමට නියම කරන්නේ නැතිවම නිෂ්ප්‍රභ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණයට එළඹියේ පෙත්සම නීතියේ සඳහන් නියමිත කාලසීමාව එනම් මාසයක්‌ ඇතුළත ගොනු කර නැති බැවින් පෙත්සම්කරුවන්ට පෙත්සම දිගටම පවත්වාගෙන යැමට නෛතිsක අයිතියක්‌ නැති බවට  වගඋත්තරකාර පක්‍ෂය ගොනු කළ මූලික විරෝධයක්‌ පිළිගැනීමෙන් අනතුරුවය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙහි එක්‌ පෙත්සම්කරුවෙක්‌ වෙයි.

වෛද්‍ය සංජීව සංකල්ප මාරසිංහ, වෛද්‍ය උපුල් මනුවර්ණ ගුණසේකර සහ අනුරුද්ධ ප්‍රදීප් පෙරේරා මෙහි අනික්‌ පෙත්සම්කරුවෝ තිදෙනායි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.