වෛද්‍ය සංගමයෙන් වැටුප් සටනක රතු එළි

ඒමන්ති මාරඹේ

මෙවර අයවැයෙන් සමස්‌ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩි නොකර එක්‌ කාණ්‌ඩයක පමණක්‌ වැටුප් වැඩි කිරීමට පියවර ගතහොත් එයට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‌ කරා යොමුවීමට තම සංගමය තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඊයේ (08 දා) පැවසීය.

මෙවර අයවැයෙන් සිදුකළ යුත්තේ 2006/6 චක්‍රලේඛය පදනම් කරගෙන සමස්‌ත රාජ්‍ය සේවයේම වැටුප් 1(12 වැටුප් අනුපාතයකින් වැඩි කිරීම මිස එක්‌ කාණ්‌ඩයක පමණක්‌ වැටුප් වැඩි කිරීම නොවන බව වෛද්‍ය සොයිසා මහතා කීවේය.

වැටුප් අනුපාතය 1(12 ක්‌ වන සේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම රාජ්‍ය සේවයේ වැටුප් අර්බුදය විසඳීමට ඇති සාර්ථක පිළියමක්‌ බවට මුදල් අමාත්‍යාංශය මෙන්ම වැටුප් කොමිසම ද පිළිගෙන ඇතැයි හෙතෙම සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පමණක්‌ වැටුප් වැඩිකිරීමට යැම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (08 දා) කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.