අධිකරණ ලේකම් රාජකාරිය
ඉක්‌මවා කටයුතු කරලා

රනිල් ධර්මසේන

අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට ප්‍රකාශ නිකුත් කිරීම හෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම කළ නොහැකි නමුත් හෙතෙම රාජකාරිය ඉක්‌මවා කටයුතු කර ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවැසීය. ලේකම්වරයාට මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළ නොහැකි බවට ඉකුත් 2007 වසරේදී චක්‍ර ලේඛයක්‌ නිකුත් කර ඇති නමුත් එයද නොතකා ඔහු ක්‍රියාකර ඇතැයි ඊයේ (11 වැනිදා) නාරාහේන්පිට පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා කීය.

ලේකම්වරයා ලෙස ඔහු සිදුකර ඇති බව කියන නොමනා ක්‍රියාකාරකම් පිළිබඳව රජයට කරුණු ගණනාවක්‌ ඉදිරිපත්වී ඇතැයිද කී ඇමැතිවරයා මේ පිළිබඳව රජයේ අවධානය යොමුකර ඇතැයි කියා සිsටියේය.

අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා ලේකම්වරයාට අවශ්‍ය ආරක්‍ෂාව ලබාදීමට ක්‍රියා කර ඇති නමුත් සමහර අවස්‌ථාවලදී ඔහු ආරක්‍ෂාව ලබාගෙන නැති බව කියා සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.