රෝහල්වලට සිරින්ජර් ලෙඩක්‌

ඒමන්ති මාරඹේ

දැඩි සත්කාර ඒකකය හා ශල්‍යාගාරවල භාවිත වන අත්‍යවශ්‍ය සිරින්ජර් විශේෂයන් වන මිලි ලීටර් 20 හා 50 ප්‍රමාණයේ සිරින්ජර් මෙම දිනවල දිවයින පුරා රජයේ රෝහල්වල හිඟව පවතින බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

මෙම සිරින්ජර් හිඟය හේතුවෙන් රජයේ රෝහල් දැඩි සත්කාර ඒකක ශල්‍යගාර, සූතිකාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, හා ප්‍රාථමික ප්‍රතිකාර ඒකකවල කටයුතුවලට බාධා පැමිණ ඇති අතර එම සිරින්ජර් තම පෞද්ගලික වියදමින් පිටතින් මිලදී ගෙන ඒමට රෝගීන්ට සිදුව තිබේ.

ඇතැම් ඔසුසල් හා වෛද්‍ය සැපයුම් අංශයේද මෙම සිරින්ජර් හිඟව පවතින බව වාර්තා වෙයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.