කරාපිටිය රෝහලේදී
දැරියට ප්‍රතිජීවක ඖෂධය දීමෙන් පසු මියයයි

ඖෂධය භාවිත නොකරන්න උපදෙස්‌


ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද

ගාල්ල කරාපිටිය රෝහලේදී දැරියක ප්‍රතිජීවක ඖෂධයක්‌ ලබාදීමෙන් පසුව ඊයේ (12 වැනිදා) දහවල් මියයැම එකී ඖෂධය භාවිත නොකරන ලෙස රෝහලේ සියලුම අංශ වෙත කරාපිටිය රෝහල් පරිපාලනය රෝහලේ ශබ්දවාහිනී යන්ත්‍ර මගින් ක්‍ෂණික උපදෙස්‌ ලබාදී තිබිණි.

අසනීප තත්ත්වයක්‌ හේතුවෙන් පෙරේදා (11 දා) ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබූ දැරියකට (ජැඓරස්‌ංදබැ) සෙµaටි්‍ර ඇක්‌ෂෝන් නමැති ප්‍රතිජීවක ඖෂධයේ දෙවන මාත්‍රාව මෙම දැරියට ලබාදීමෙන් පසුව ඇය ගාල්ල කරාපිටිය රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබූ අතර දැරිය ඊයේ දහවල් මියගියාය.

මෙසේ මියගොස්‌ ඇත්තේ ගාල්ල හීන්පැන්දල පදිංචිකාරියක වන කවීෂා ජයෝධා ජයවර්ධන (9) නමැති ගාල්ල සවුත්ලන්ඩ්ස්‌ බාලිකා විද්‍යාලයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකි.

මෙම දැරියගේ මරණයෙන් පසුව අදාළ ඖෂධය ලබාදීම තහනම් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ කීය.

මෙම දැරිය මියගියේ ප්‍රතිජීවක ඖෂධය ලබාදීම නිසාද කියල දැන්ම කියන්න බෑ. ඒ ගැන තීරණයක්‌ ගත යුත්තේ මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව ලැබුණාට පසුවයි. මේ ගැන විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමට අප පියවර ගන්නවා. මෙම තත්ත්වය පිළිබඳ වෛද්‍ය සැපයුම් ආයතනය දැනුවත් කිරීමට පියවර ගන්නවා යෑයි පැවසීය. මෙම ඖෂධය නිවුමෝනියා හා මොළේ උණ වැනි ප්‍රබල රෝග තත්ත්වයන්හිදී භාවිත කෙරෙන ප්‍රබල ප්‍රතිජීවක ඖෂධයකි.

මියගිය දැරියගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය ඊයේ (12 දා) ගාල්ල කරාපිටිය රෝහලේදී ගාල්ල නාගරික හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය බී. ජී. එන්. කරුණාතිලක මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.