එක පිරිසකට පඩි වැඩිකළොත් බලාගෙනයි
වෛද්‍ය නිලධාරි සංගමය අනතුරු අඟවයි


ඒමන්ති මාරඹේ

2006/06 චක්‍රලේඛය යටතේ සමස්‌ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩි නොකර එක්‌ වෘත්තියක පමණක්‌ වැටුප් වැඩි කිරීමට රජය පියවර ගන්නේ නම් එයට එරෙහිව ඉදිරි සති දෙක ඇතුළතදී දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‌ දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වැටුප් වැඩි කරන්නේ නම් එය 1(12 අනුපාතයක්‌ යටතේ සමස්‌ත රාජ්‍ය සේවයටම සිදු කළ යුතු බව තම ස්‌ථාවරය යෑයි වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි. එසේ සමස්‌ත රාජ්‍ය සේවයටම වැටුප් වැඩි කරන බවට ඉදිරි සති දෙක ඇතුළතදී ලිත පොරොන්දුවක්‌ ලබා නොදෙන්නේ නම් දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‌ කරා යැමට වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.