බෙහෙත් විෂ වීමෙන් මියගිය
පාසල් දැරියගේ මරණ පරීක්‍ෂණය

එන්නත දීමෙන් පසු හුස්‌ම ගන්න බැරිව සිටි
දරුවා දැඩිසත්කාර ඒකකයට ගෙන ගියා

ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි - ගාල්ල

දුවට එන්නත දෙන විට අමාරු වූ බව වෛද්‍යවරුන් මා සමග කීවා පසුව දරුවා ළමා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කොට ප්‍රතිකාර ලබාදුන්නා. ඒ අතර වාරයේ රෝහලෙන් නිවේදනය කළා මෙම එන්නත විෂ වීමෙන් රෝගියකු අසාධ්‍ය තත්ත්වයකට පත්ව ඇති නිසා එන්නත රෝහලේ අනිකුත් රෝගීන්ට ලබාදීම නතර කරන්න කියා. ළමා දැඩිසත්කාර ඒකකයේදී එදින දහවල් මගේ දියණිය මියගියා.

ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ එකේ වාට්‌ටුවේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී ලබාදුන් ප්‍රතිජීවක ඖෂධයක්‌ විෂ වීම නිසා මියගිය නව හැවිරිදි දැරියකගේ හදිසි මරණ පරීක්‍ෂණයේදී දැරියගේ පියා වන කුෂාන් දුමින්ද අබේසිරි ජයවර්ධන මහතා එසේ කීවේය.

හදිසි මරණ පරීක්‍ෂණය ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේදී ගාල්ල නාගරික හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය බී. ඒ. එන්. කරුණාතිලක මහතා ඉදිරියේදී පැවැත්විණි.

සාක්‍ෂිකරු තවදුරටත් සාක්‍ෂි දෙමින් මෙසේ කීවේය.

මියගොස්‌ ඇත්තේ මගේ දෙවැනි දුවයි. මට දියණියන් තිදෙනෙක්‌ ඉන්නවා. ඉකුත් 10 වැනිදා උදැසන දුව නින්දෙන් නැගිට්‌ටේ වමනය දමාගෙන කිහිපවතාවක්‌ වමනය දැම්මා. ඊටපසු මහමෝදර රෝහලට රැගෙන ගියා. පසුව දුව කරාපිටිය රෝහලට රැගෙන යන ලෙස උපදෙස්‌ දුන්නා. කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළා. ඉන්පසු රෝහලේ එකේ වාට්‌ටුවට මාරු කළා. දරුවාට උණ තිබුණා. 12 වැනිදා හොඳින් හිටියා එදින උදැසන කෑමත් කෑවා.

උදේ 9.30 ට පමණ මට දුරකථන ඇමතුමක්‌ ආවා. දුව දැඩිසත්කාර ඒකකයට ගන්නවා කියා.

මියගිය දැරියගේ මව වන ලසන්ති කුඩාගොඩ (38) මහත්මිය, වාට්‌ටුවේදී දරුවාට එන්නත ලබාදී ටික වේලාවකට පසුව දරුවාගේ ඇස්‌ උඩ ගියා. හුස්‌ම ගන්න බැරිවුණා. වෛද්‍යවරු දරුවාට ප්‍රතිකාර කරමින් දරුවා ළමා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළා. එසේ සිටියදී දරුවා මියගියා.

වමනය හා උණ වැළඳීමෙන් රෝහල් ගත කළ කවිෂා මේ ආකාරයට මිය යැම ෙ€දජනක සිද්ධියකි. මීට සති දෙක තුනකට පමණ ඉහතදිත් කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට සිටි පෙර පාසල් දැරියක්‌ මේ අයුරින් මියගොස්‌ තිබිණි. එකී එම දැරියගේ මරණයද මහත් ආන්දොaලනාත්මක එකක්‌ විය. එහි උණුසුම මැකී යාමට මත්තෙන් තවත් දැරියක්‌ මිය යැම ඉතා අවාසනා වන්ත තත්ත්වයකි.

පුංචි කවිෂා දියනියගේ නිවසට ඉකුත් 13 වැනිදින උදැසන අපි ගියෙමු. දැරියගේ දේහය නිවසේ සාලයේ තැන්පත්කොට තිබුණි. මව ලසන්ති කුඩාගොඩ මහත්මිය කඳුළු වගුරුවමින් සිය දියණියගේ දේහය දෙස ඇස්‌ පිහ නොහෙළා බලා සිටියාය.

දුවගේ ලේ පරීක්‍ෂා කිරීමෙන් පසු ලේවල බැක්‌ටීරියා ආසාදිත තත්ත්වයක්‌ ඇතිවී තිබෙන නිසා ප්‍රතිජීවක ඖෂධයක්‌ ලබාදීමට වෛද්‍යවරු නිර්දේශ කොට තිබුණා. 11 වැනිදා එම එන්නත ලබා දුන්නා. එදින රාත්‍රියේත් දුවට එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදුන්නා. 12 වැනිදා උදැසන දුවට අවදිවෙලා හොඳට හිටියා. තාත්තේ දැන් මට සනීපයි කීවා.

එදින උදේ දුව ඉඳිආප්ප කෑවා. ඊටපස්‌සේ තමයි මෙම එන්නතේ තුන්වැනි මාත්‍රාව ලබාදෙන්න දුව රැගෙන ගියේ.

අනේ අම්මේ අත රිදෙනවා. ඇගේ කරන්ට්‌ එක දුවනවා වගේ බෙහෙත් විඳින්න එපා කියලා දුව ගෑ ගැසුවා.

බෙහෙත එන්නත් කිරීමෙන් පසු දුවගේ ඇස්‌ උඩ ගියා. පපුව හිරවුණා. දුවට සිහිය නැතිවුණා. පස්‌සේ වෛද්‍යවරු ඇවිත් දුවට ප්‍රතිකාර කළා.

රෝහලේ සිරින්ජරයක්‌වත් තිබුණේ නෑ. තුණ්‌ඩුවක්‌ ලියලා දුන්නා. පස්‌සේ සිරින්ජර දහයක්‌ ගෙනවිත් දුන්නා. දුවට එන්නත් කරපු ප්‍රතිජීවක ඖෂධයේ කල් ඉකුත් වීමට ආසන්නව තිබූ එකක්‌ බවත් දැනගන්නට තියෙනවා. රටේ අනවශ්‍ය වියදම් නම් ඕනෑ තරම් කරනවා. බාල බෙහෙත් තමයි ගෙන්වන්නේ. මේ ගැන පරීක්‍ෂණ පවත්වලා වැඩක්‌ නැහැ. මගේ දුව මට නැතිවුණා.මව එසේ පැවසුවාය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිජිවක ඖෂධයක්‌ එන්නත් කිරීම නිසා කවිෂාට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවී තිබුණා. සෙµaටි්‍රඇන්සෝන් (Ceඓරස්‌ංදබ) නමැති මෙම ප්‍රතිජීවක ඖෂධය මෙම සිද්ධියෙන් පසු මේ වන විට තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන ඇත.

අශ්වයා පැනගිය පසු ඉස්‌තාලය වැසීමෙන් පලක්‌ නැත. ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ආනයනය කිරීම නිසා සිය ජීවිතවලින් වන්දි ගෙවීමට වී ඇත්තේ අසරණ රෝගීන්ටය. මේ පිළිබඳව අපි ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් විමසීමක්‌ කළෙමු.

මේ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කළා. රෝග ලක්‍ෂණ අනුව දැරියට ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් පසු එම බෙහෙත විෂ වීමෙන් දැරියගේ මරණය වී ඇති බවට සැකකරනවා. නමුත් ඒ පිළිබඳ අදාළ වෛද්‍ය වාර්තා ලැබෙන තෙක්‌ යමක්‌ කියන්න බැහැ. දැරියගේ දේහයේ කොටස්‌ පරීක්‍ෂණ සඳහා මෙන්ම ප්‍රතිජීවක ඖෂධයේ ප්‍රමිතිය පිළිබඳ පරීක්‍ෂා කිරීමට වෛද්‍ය සැපයුම් ආයතනයටද යොමුකොට තියෙනවා. මෙම ඖෂධයේ කල් ඉකුත් වීමට තිබී ඇත්තේද නොවැම්බර් මාසයේ තිස්‌වැනිදාටයි. මේ ගැන විද්‍යාත්මකව පරීක්‍ෂණයක්‌ ද කරනවා.

දැරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂ හැන්නදි මහත්මිය විසින් කරනු ලැබුවාය.

පුංචි සමනලියක්‌ බඳු කවිෂා හංසනි දැරියගේ අවසන් කටයුතු අද (15) පස්‌වරුවේ දඩැල්ල සුසාන භූමියේදී සිදුකෙරේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.