තොටළඟ "හොර දොස්‌තර" හෙට උසාවිය හමුවට

ප්‍රභාත් විතාන

අලෙවිය තහනම් කර ඇති කොරෙක්‌ස්‌ හා ටැමඩෝල් ඇතුළු ඖෂධ අලෙවි කරමින් සිටියදී විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය සහ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් ඒකාබද්ධව කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් තොටළඟ ප්‍රදේශයේ ව්‍යාජ වෛද්‍යවරයා හෙට (16 දා) අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කරනු ඇත.

එම වෛද්‍යවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකු නොවන අතර අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ මොහු සන්තකයේ තිබූ අලෙවියට තහනම් කර තිබෙන කැස්‌සට භාවිත කරන කොරෙක්‌ස්‌, ටැමඩෝල් ඇතුළු රුපියල් ලක්‍ෂ පහකට අධික වටිනාකමින් යුත් ඖෂධ, විලවුන් උපකරණ ඖෂධ අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ ආහාර සහ ඖෂධ පරීක්‍ෂකවරුන් වන අමිත් පෙරේරා, එල්. ඩී. ඉන්ද්‍රසේන, මහින්ද සිරිකුමාර, කොළඹ අපරාධ කොට්‌ඨාසයේ සහකාර පොලිස්‌ අධිකාරි නුවන් වෙදසිංහ, පොලිස්‌ පරීක්‍ෂක හෙට්‌ටිආරච්චි යන නිලධාරීන් විසින් මෙම ව්‍යාජ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.