ඔබේ දරුවා විශිෂ්ටයෙක්‌ ද?

තම දරුවා දක්‌ෂ විශිෂ්ට දරුවෙකු බවට පත්කිරීම සෑම දෙමව්පියකුගේම බලාපොරොත්තුවයි. මිනිසුන්ට මෙන්ම සතුන්ට ද පැටවු උපදිති. මෙම පැටවුන් ලොකු මහත් කිරීමේ හැකියාව එම සතුන් සහජයෙන් දැනගෙන ඇත. මිsනිසෙකුටද මෙම සහජ හැකියාව ඇත. ගෝත්‍රික වනගත වැදි සහ අහිගුණ්‌ටික සමාජවලද දරුවෝ ඇතිදැඩි වෙති. එසේ වුවත් උසස්‌ මනසක්‌ ඇතිව උපදින මිsනිසා සතුව දැවැන්තවූ විsභව ශක්‌තියක්‌ ඇත. උපත ලබන විටම මිsනිසා සතුව ඇති මේ දැවැන්තයකු වීමේ බීජය රැකගෙන පෝෂණය කොට හදා වඩා ගෙන ඔප මට්‌ටම් කර විකසිත කරගත යුතුය. මේ සඳහා නිවැරදි මග පෙන්වීමක්‌ අවශ්‍යයි. නොඑසේනම් මිනිසාද තිරිසනා මෙන් හැසිsරෙනු දැක ගත හැක.

වත්මන් ලෝකය අතීත ලෝකයට වඩා බෙහෙවින් වෙනස්‌ වී තිබේ. දෙමව්පිය දරු සබඳතා අසල්වැසි සමූහ සබඳතා පවුල් සබඳතා පමණක්‌ නොව ආගමික ආයතන සබඳතාද බිඳවැටී වෙනස්‌වීS තිබේ. එදා පැවති විස්‌තෘත (Eංඑeබාed) පවුල් සංස්‌ථාව වෙනුවට අද ඇත්තේ න්‍යෂ්ටික (භමජකැර) පවුල් ක්‍රමයයි. විස්‌තෘත පවුල් සංස්‌ථාව තුළ දරුවා දෙමාපියන්ට අමතරව විශාල ඥාති පිරිසක්‌ අතර වැඩුනි. එය දරුවාගේ පූර්ණ පෞරුෂය ගොඩනැඟීමට මහෝපකාරී විය. එමගින් දරුවාගේ මානසික අවශ්‍යතා සංතෘප්ත වූ අතර වැඩිහිටියන්ගේ පැරණි කථා නිසා රසඥතාව ඇති, ආධ්‍යාත්මික සංයමයක්‌ ඇති, භාෂාමය වර්ධනයක්‌ ඇති බුද්ධිමත් දරුවන් බවට පත්වූහ.

එහෙත් වර්තමාන කාර්ය බහුල සමාජය තුළ න්‍යෂ්ටික පවුල් වාතානවරණය තුල දෙමාපිය ආදරය පිළිගැනීම, ආරක්‌ෂාව හීනවීම වැනි කරුණු මව්වරු විදේශගත වීම වැනි කරුණු නිසා දරුවාට කෘත්‍රිමව හෝ සුදුසු පරිසරයක්‌ ගොඩනැඟීමට සිදුවී තිබේ. මෙනිසා ළමා උයන් ළදරු පාසල් ළමා සුරැකුම් ආයතන ආදී විවිධ නම්වලින් ළමුන් සඳහා තාවකාලික නැවතුම්පොලවල් බිහිsවී ඇත. මෙම ස්‌ථානවල සේවය කරන අය අතරින් නිසි පුහුණුවක්‌ ඇති අය ඇත්තේ අතලොස්‌සකි. එසේම මෙම ස්‌ථානවලට මුදල් වියදම් කරන සමහර රාජ්‍ය නොවන සංවිධානවල අයටද අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ මුදල් ටික වියදම් කිරීම, නැතිනම් ළමුන් විදේශවලට විකිණීම මිස ළමයාට සුදුසු පරිසරයක්‌ ගොඩනගා දී මෙරටට විශිෂ්ට දරුවෙකු බිහිකරදීම නොවේ.

මව් කුසින් බිහිවන කළලයේ ආරම්භයේ පටන් මිනිස්‌ මොළය වර්ධනය වන බවත් ඉගෙනීමේ ක්‍රීයාවලිය මිනිසා ඇරඹන්නේ මව් කුසදී බවත් විද්‍යාත්මකව පිළිගත් සත්‍යයකි. කළලයට සති 4 ක්‌ පමණ ගත වූ විට තම මවගේ හඬ පළමුව ඇසෙන්නට පටන් ගනියි. මව් කූසින් බිහිවීමෙන් අනතුරුව ප්‍රථම වර්ෂ කීපය තුළ මොළයේ සෛල සීග්‍රයෙන් වර්ධනය වී ඉගෙනීමේ ක්‍රියාවලියට හා හැසිරීමේ රටාව පාලනය කරන ස්‌නායු පරිපතයක්‌ බිහිවෙයි. මෙම වකවානුව ජීවිත කාලය තුළ නැවත සිදු නොවන, පසුව ඉගෙනීමේ හැකියාවන් වර්ධනය වන අවධියයි. අවාසනාව නම් මේ තීරණාත්මක කාලය තුළ ළමා මනසේ වර්ධනය, ආකල්ප හැසිරීම් රටා යන මේවා කෙරේ දෙමාපියන්ගේ විශේෂ බලපෑමක්‌ තිබිය යුතු බව ඔවුන් වැඩි දෙනෙක්‌ නොදනිති. දැනට ලංකාවේ ජනගහනයෙන් 15% ක්‌ම අවුරුදු 0 - 5 අතර දරුවන් වෙති. වයස අවුරුදු 3-5 අතර දරුවන්ගෙන් ළදරු පාසල් සහ දාරකාගාරවලට යන ළමුන්ගේ සංඛ්‍යාව 30 පමණ වෙති.

මුල් ළමා වියේ දරුවන් ශාරීරිකව බුද්ධිමත්ව හා සමාජීය ලෙස වර්ධනය වන පරිදිම ඒ සෑම සාධකයක්‌ මගින්ම සිය පෞරුෂත්වය වර්ධනය කර ගනියි. දරුවෙකු මෙලොවට බිහිවීමට නැතහොත් පිළිසිඳ ගන්නා විටම කලින් සඳහන් කළ පරිදි දැවැන්ත විභව ශක්‌තියක්‌ (විය) හැකි බවක්‌ කොට නිර්මාණය වී ඇත. ඒ තුළ ආරයන් දෙකක්‌ සම්මිශ්‍රණය වී ඇත.

දෙමාපියන්ගේ ජාන හරහා ලැබෙන ජීව විද්‍යාත්මක උරුමය දරුවා සංසාරිකව ගෙන එනු ලබන සංසාරිකව උරුමයද යනුවෙනි

මෙය නූතන අපර මනෝ විද්‍යාත්මක මතයකි. එහෙත් තවමත් බටහිර විද්‍යාඥයන් පිළිගන්නේ ජාන ජීව විද්‍යාත්මක උරුමය පමණකි. එහෙත් අපර මනෝ විද්‍යාත්මක මතය පිළිගැනීමට ඕනෑතරම් ශාක්‌ෂි තිබේ. මිනිසා යනු සිත කය යන දෙකේම එකතුවකි. එකම දෙමව්පියන් යටතේ වැඩුනද දැහැමි පුද්ගලයන් මෙන්ම ප්‍රචණ්‌ඩ පුද්ගලයන්ද එකම පරිසරයක වැඩෙන්නේ මේ හේතුව නිසාය.

විශේෂයෙන් ළමා සංවර්ධනයේදී වැඩිහිටියන් දැනගතයුතු කරුණු දෙකක්‌ ඇත.

01. සෑම දරුවෙකුම මිනිසත් බව ලබා උපදින විට දැවැන්ත විභව ශක්‌තියක්‌ (ඡදඑeබඑස්‌කසඑහ) ගැ. කරගෙන මෙලොව උපත ලබා ඇති බවයි.

02. ඒ ඒ ළමයා තම තමන්ට සුවිශේෂ වූ සහජ විභවතා සමූහයක්‌ද ගැ.කරගෙන සිටින බවයි.

දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ කාර්යය විය යුත්තේ පොදුවේ ඉහත කී විභව ශක්‌තිය විකසිත කර ගැනීමට උචිත පරිසරයක්‌ සකස්‌කර දීමයි. මෙහිදී පරිසරය යන සාධකය කොටස්‌ 4 න් දැක්‌විය හැක.

01. භෞතික පරිසරය - නෙලුම පිපීමට හිරු එළිය ජලය අවශ්‍ය මෙන්ම දරුවා විකසිත වන්නේද ගොඩනැගිලි මේස පුටු සෙල්ලම් බඩු ආහාර පොත් පත් ඇඳුම් පැලඳුම් ආදී සියල්ල සැපයීමෙනි.

02. මනෝ විද්‍යාත්මක පරිසරය - භෞතික පරිසරයට වඩා වැදගත්ම සාදකය මෙයයි. කෙතරම් භෞතික පහසුකම් ලබාදුන්නත් ආදරය කරුණාව සෙනෙහස හා ප්‍රේමය ලබාදීම තුලින් දරුවාට තමා සිටිනුයේ ආදරය ලැබෙන සුරක්‌ෂිත පරිසරයක යන වැටහීම නිතර දැනෙන්නට සැලැස්‌විය යුතුයි.

03. සමාජීය පරිසරය - දරුවෙකුගේ විභව ශක්‌තිය විකසිත කර ගැනීමට නම් යහපත් සමාජීය පරිසරයක්‌ අවශ්‍ය වෙයි. ගෙදරදී සොයුරු සොයුරියන් මිතුරන් ඥාතීන් සහ හිතවතුන් පාසලේදී මිත්‍රශීලී සමාජ පරිසරයක්‌ සෑම දෙනාම සෙල්ලම් කරමින් කතාබහ කරමින් සතුට බුක්‌ති විඳීමට උචිත සමාජ පරිසරයක්‌ ලබාදීම ඉතා වැදගත්ය.

04. ආධ්‍යාත්මික පරිසරය - ළදරු අවධියේ සිටම ආධ්‍යාත්මික ශක්‌තිය වර්ධනයට උචිත පරිසරයක්‌ ළමයාට ලබාදිය යුතුය. ආගමික පරිසරය උදව්කරන සුලු බව අනුකම්පාව. කරුණාව වැඩෙන පරිසරයක්‌ විය යුතුය. තවත් විෂයකින් දක්‌වතොත් දරුවාගේ පෞරුෂය ශක්‌තිමත්වීමට නම් ශක්‌තිමත් කුලුණු හතරක්‌ ඇත. දරුවා නමැති ගෘහය නිර්මාණය වන්නේ මේ කුලුනු හතර මතය. එනම් පවුල (Faප්කහ) පාසල (Sජයදදක) පන්සල පල්ලිය කෝවිල (Reකසටසදමිs ෂබිඑසඑමඑසදබ) සමාජය (Sදජසැඑහ)

මෙම කරුණුවලින් එකක්‌ හෝ දුර්වල නම් දරුවා නමැති ගෘහය කඩා වැටෙයි. වර්තමානයේ ඒ තත්ත්වය බොහෝවිට දක්‌නට ඇත. හේතුව බොහෝ පවුල් සංස්‌ථා අර්බූදවලට ලක්‌ වී සිටීමයි. නිදර්ශන බොහෝ ඇත. මව හෝ පියා විදේශගත වීම පියාගේ බීමත්කම පියා හෝ මව වෙනත් විවාහ කර ගැනීම අඩු වයස්‌ විවාහ. විශේෂයෙන් මේ තත්ත්වය මුල් ළමා විය මධ්‍යස්‌ථානවල වැඩිහිටියන් තේරුම්ගෙන කටයුතු කළ යුතුය. දරුවා තමා පිළිබඳව ඇති කරගනු ලබන ස්‌වසංකල්පය (Seකෙ ජදබජැචඑ) වර්ධනය කරගත හැක්‌කේ දරුවා සතු විභව හැකියාවන් විකසිත කර ඒවා ඇගයීමට ලක්‌කිරීමෙනි. කොතරම් දක්‌ෂ වුවත් තමා පිළිබඳ ඇතිකර ගන්නේ සර්ව අසුබවාදී ස්‌වසංකල්පයක්‌ නම් (භැට්‌එසඩැ Seකෙ ජදබජැචඑ) ඒ දරුවාගේ පෞරුෂ වර්ධනයට එයින් සිදුවන්නේ මහත් විනාශයකි. ගූරුවරයා සහ දෙමව්පියන් විසින් කළ යුත්තේ දරුවාගේ කුසලතා දක්‌ෂතා වර්ධනය කිරීමට උපකාරී වී දරුවාට තමාගේ හැකියාව පිළිබඳ අභිමානයක්‌ සතුටක්‌ වර්ධනය කිරිමයි. එවිට ඔහු සර්ව සුභවාදී සංකල්ප (ඡදිසඑසඩැ Seකෙ ජදබජැචඑ) ඇති පුද්ගලයකු වනු ඇත.

2009 සිට 2012 වසර ඇතුළත කාලය දරුවන්ට ඉතාමත් නරක අසුබ වසරක්‌ වූ බව පසුගිය වසර කීපය දෙස ආපසු හැරී බැලීමේදී දක්‌නට ඇත. ගංගාවලට විසිකර දැමූ මල් කැකුළු වන් දරුවන්, ඩෙංගු නිසා අපට අහිsමිsවූ දරු පැටවුන් මාර්ග අනතුරු නිසා මිsය ගිය දරුවන් මේ සියල්ලම අවංකව සාධාරණව නැවත විමර්ශනය කර බලමු. දෙමවුපියන් වශයෙන් අප අපගේ කොටස්‌ හරියට ඉටුකළානම් මේ මරණවලින් කොපමණ වළක්‌වා ගන්ට තිබුණාද?

එසේනම් දයාබර මව්වරුනි, පියවරුනි, ඔබේ දරුවා ආරක්‌ෂාකර ගැනීමට මේ කරුණු ගැනත් සිතන්න.

01. දරුවා ගැන දැඩි අවධානයක්‌ යොමු කරන්න. ඒ අනුව දරුවන් සමග ඉතා ළඟින් ඇසුරු කරන්න.

02. පාසල් යන දරුවනට ඔබ දකින ඔබ අසන අපරාධ ගැන දැනීමක්‌ ලබාදෙන්න. එවැනි වැරදිවලට හසු නොවන මාර්ගයක්‌ පහදා දෙන්න.

03. පාසලට යන එන විට කණ්‌ඩායම් වශයෙන් මහජනයා ගැවසෙන මාර්ගවලින් යැමට පුරුදු කරන්න.

04. නාඳුනන අය දෙනු ලබන රස කැවිලි, මුදල් හෝ වෙනත් දේ නොපිළිගැනීමට පුරුදු කරන්න.

05. දරුවා ආශ්‍රය කරන අය හඳුනාගන්න.

06. තමාගේ දරුවන් යන එන තැන් සොයා බලන්න.

07. අඳුරවැටීමට පෙර නිවසට එන්ට දරුවන්ට උපදෙස්‌ දෙන්න. ප්‍රමාද වේ නම් දරුවා එන මගට යාමට ඔබ සැලකිලිමත් වන්න.

08. ඔබ නිවසින් පිටවීමේදී නිවසේ දරුවන්ගේ ආරක්‌ෂාව ගැන දෙවරක්‌ සිතන්න. නිවසේ ඒ වන විට රැඳීS සිටින අය ගැන සිතා බලන්න.

09. දරුවා පාසල් වැඩකටයුතු ගැන උනන්දුව අඩුවීම හෝ වෙනස්‌වීම ඇතොත් ඒ ගැන දැනගැනීමට උත්සාහ ගන්න. විවිධ බලපෑම් මත සිදුවන අතවර නිසා මෙම තත්ත්වය ඇතිවිය හැකිය.

10. පංති භාර ගුරු මහත්ම මහත්මීන් හැකි අවස්‌ථාවලදී මුණ ගැසී තම දරුවාගේ අධ්‍යාපන කටයුතු ගැන විමසා බලන්න. දරුවා නියමිත පරිදි පාසලට පැමිsණෙන්නේද යන්න විමසා බලන්න.

11. තම දරුවන් යහළුවන් සමග යන එන ගමන් බිමන් පිළිබඳව සොයා බලන්න.

12. දැනට ළමුන් අතර හුවමාරු වෙමින් බලන අවිනීත පුවත්පත් වීඩියෝ පට, ජංගම දුරකථන දර්ශන ළමයා ළඟත් ඇත්දැයි සොයා බලන්න.

13. අවශ්‍යතාවයට වඩා මුදල් ඔබේ දරුවා ළඟ තිබේ දැයි සොයා බලන්න.

14. දරුවා කරන හොඳ වැඩ ඇගයීමට ලක්‌ කරන්න. නරක වැඩවල අඩුපාඩු මිත්‍රශීලිව පෙන්වා දෙන්න.

15. කුඩා කල සිටම පරිසරයට ඇල්මක්‌ මෙන්ම තමා අවට පරිසරය පිරිසිදුව තබාගැනීමට අවවාදයෙන් පමණක්‌ නොව ආදර්ශයෙන් පෙන්වා දෙන්න.

16. තමාගේ සෑම දරුවෙකුටම එක හා සමානව ආදරය කරන්න.

17. ඔබගේ සියලු හැසිරීම් ගති පැවතුම් දරුවාට ආදර්ශමත් සේ සිදුකිරීමට පියවර ගන්න. නිදර්ශන වශයෙන් ඔබ නීතිගරුක වන්න. සත්‍යයම ප්‍රකාශ කරන්න. අවංක වන්න.ආගමික කටයුතු සඳහා දරුවන් සමග එකතු වන්න.

18. යහපත් සමාජය තමාට වැදගත් බවත් සමාජයට තමා වැදගත් බවත් යන හැඟීම දරුවාට කුඩා කල සිටම ලබාදෙන්න.

වග නිමල් කරුණාරත්න

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.