නියඟයක තරම...

වියළි කලාපයට දැන් වැසි ලකුණු පහළවී ඇති නමුදු අප්‍රේල් මාසයේ සිට මේ දක්‌වා එම ප්‍රදේශය දැඩි නියඟයක වෙළී පැවතිණි.

මේ නියඟය නිසා වන සතුන් ද දැඩි පීඩාවකට පත්වූ අතර, ඇතැම් වනෝද්‍යානවල වන සතුන් පිපාසයෙන් මිය ගිය බවට ද වාර්තා ලැබිණි.

මෙම ඡායාරූපයේ දැක්‌වෙන්නේ පිපාසාවෙන් මිය ගොස්‌ සිටි බවට සැක කෙරෙන වළසෙක්‌ වස්‌ගමුව ජාතික වනෝද්‍යානයේ මාර්ගයක මැරී වැටී සිටි අයුරුය.

උද්‍යානයේ කඳවුරු බිමක ලැගුම් ගෙන උදැසන "සµdරි" සඳහා එක්‌වුණු වනසත්ව ලෝලීන් පිරිසකට මෙම වළසා මෙසේ මුණගැසී තිබිණි.

වස්‌ගමුවේදී දකින්නට ඉතා දුලබ සතකු වන වළසා මෙසේ වෙනත් කිසිදු බාහිර ආබාධයකින් තොරව මිය ගොස්‌ සිටි අතර ඊට හේතුව දැඩි පිපාසය විය හැකි බව මෙම ඡායාරූපය අප වෙත ලබා දුන් ඛනිජ තෙල් සංස්‌ථා පිරිපහදුවේ පරිසර ලෝලීහු පිරිසක්‌ "දිවයින"ට පැවැසූහ.

සටහන - ජගත්

ඡායාරූප - ජලිත ජීවන රාජපක්‍ෂ

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.