දූෂණ චෝදනා එල්ලවූ බංග්ලදේශයේ
හිටපු හමුදාපතිට ඇපදීම ප්‍රතික්‌ෂේප වේ

දූෂණ චෝදනාවලට ලක්‌වී ඇති බංග්ලදේශයේ හිටපු හමුදා ප්‍රධානියා වූ ලුතිනන් ජෙනරාල් හරුන් රෂිද්ට ඇපදීම එරට මහාධිකරණය විසින් ප්‍රතික්‌ෂේප කර ඇත.

ටාකා බිලියන 35 ක මූල්‍ය වංචාවක්‌ සම්බන්ධයෙන් බංග්ලදේශ දූෂණ මර්දන කොමිසම විසින් රෂිද් ඇතුළු විසිඑක්‌ දෙනකුට එරෙහිව නඩු පවරා තිබේ.

ඩෙස්‌ටිනි ගෘප් නමැති අර්බුදයට ලක්‌වී ඇති සමාගමේ ප්‍රධානියා වශයෙන්ද ලුතිනන් ජෙනරාල් රෂිද් කටයුතු කරයි.

හිටපු හමුදාපතිට එරෙහිව චෝදනා දෙකක්‌ එල්ලවී ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.