පාතාල කල්ලි පාලනය කළ රියෝද ජැනයිරෝ නගරයේ
ප්‍රදේශ දෙකක්‌ බ්‍රසීල පොලිසිය  සිය පාලනයට ගනී

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ පාතාල කල්ලි පාලනය යටතේ පැවැති ප්‍රදේශ දෙකක්‌ පැය 3 ක මෙහෙයුමින් පසු පොලිසිය විසින් සිය පාලනයට ගෙන ඇත.

අටසියයකට අධික පොලිස්‌ භටයන් හා සන්නද්ධ රථ 13 ක්‌ මෙ මෙහෙයුමට සම්බන්ධවී තිබේ.

මෙම ප්‍රදේශ දෙක මත්ද්‍රව්‍ය පාරාදිසයක්‌ යයි හඳුන්වනු ලබයි.

පොලිසියේ මේ මෙහෙයුමත් සමගම පාතාල කල්ලි පැනගොස්‌ ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.