සාක්‍ෂිකරුවන් 300 ක්‌  මා වෙනුවෙන් සාක්‍ෂි දෙනවා
- බොස්‌නියාවේ හිටපු නායක රඩොවාන් කර්ඩ්සික්‌ පවසයි

තමා යුධ අපරාධ සිදු නොකළ බවට සනාථ කිරීම සඳහා සාක්‍ෂිකරුවන් 300 ක්‌ කැඳවන බව බොස්‌නියා සර්බි හිටපු ජනාධිපති රඩොවාන් කර්ඩ්සික්‌ පවසයි.

සෙරජිවෝ වෙළෙඳ පළට ප්‍රහාර එල්ල කර 67 ක්‌ මරා දැමීමට වගකිවයුතු වන්නේ කොසවෝ ත්‍රස්‌තයන් බවත් ගී්‍රසියේ වත්මන් ජනාධිපති කැලුස්‌ හමිදුන් ඒ බව දන්නවා යයි කර්ඩ්සික්‌ පළ කළේය.

සමූල ඝාතන සිද්ධීන්වලට මම සම්බන්ධව නැහැ. කොසවෝ ඇල්බේනියානුවන් ඊට සම්බන්ධවයි යයි ඔහු තවදුරටත් සඳහන් කළේය.

බොස්‌නියාවේ හිටපු නායකයාගේ සාක්‍ෂිකරුවන් සඳහා පැය 300 ක්‌ වෙන්වී ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.