2012 ඔක්තෝබර් 16 අගහරුවාදා

 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster
තැන්පත් මුදල්
අස්‌ථාවර සමාගම්වල
ආයෝජනයට එරෙහි
ඊ.පී.එෆ්. පෙත්සම
30දා සලකා බැලේ
වගඋත්තරකරුවන්ගෙන් උපදෙස්‌ ගන්න කල් මදිවෙලා

සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පත් මුදල් පාඩු ලබන හා අස්‌ථාවර පෞද්ගලික සමාගම්වල කොටස්‌ මිලදී ගැනීමට යෙදවීම සාපරාධී වරදක්‌ හැටියට සලකා ඊට වගකිවයුතු අයට එරෙහිව පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට නීතිපතිට නියෝග කරන්නැයි ඉල්ලා වෘත්තීය සමිති සංවිධාන 11 ක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මෙම 31 වැනිදාට කල් තැබිණි.


නිල සංචාරයකට ජනපති
ක්‌වේට්‌ රාජ්‍යයට යයි

ක්‌වේට්‌හිදී පැවැත්වෙන ආසියානු සංසදයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (15 දා) පස්‌වරුවේ ක්‌වේට්‌ රාජ්‍යය බලා පිටත්ව ගියේය. සාමාජික රටවල් 31 ක සහභාගිත්වයෙන් ප්‍රථම වරට පැවැත්වෙන මෙම  සමුළුවට ඊට අයත් රටවල රාජ්‍ය නායකයන් හා විදේශ ඇමැතිවරුන් සහභාගිවීමට නියමිතය.
 


බලාගාර ප්‍රදේශවලට
නිසි වැසි නෑ
රු.මිලියන 100-200 ක්‌

විදුලියෙන් දිනකට පාඩුයි

විදුලි බලාගාර ප්‍රදේශවලට තවමත් ප්‍රමාණවත් වර්ෂාපතනයක්‌ ලැබී නොමැති නිසා විදුලිබල මණ්‌ඩලයට තවමත් දෛනිකව රුපියල් මිලියන සීයත්, දෙසීයත් අතර පාඩුවක්‌ සිදුවන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති චම්පික රණවක මහතා ඊයේ (15 වැනිදා) පැවසීය.


මහනුවර රෝහලේදී
මවකට  පස්‌ නිවුන්
දරු වාසනාවක්‌


කෑගල්ලේ හෙට්‌ටිමුල්ල පදිංචි ජංගම දුරකථන සමාගමක විධායක නිලධාරියකු මෙන්ම කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ද වන ශිලන්ත විඡේපාල මහතාගේ බිරිඳ වන 29 හැවිරිදි දිලානි රසාංගි ශාමන්ති මහත්මිය සිසේරියන් සැත්කමකින් පුතුන් තිදෙනකු සමඟ දියණියන් දෙදෙනකු බිහි කළාය.


රියෑදුරු කැබ් රියෙන්
රහස්‌ ගමනක්‌ ගිහින්

- තණමල්විල ප්‍රා. ලේකම් කියයි

කැබ් රියෙන් ගංජා ප්‍රවාහනය කළ රියෑදුරු කාටත් හොර රහසේ මේ ගමන ගොස්‌ ඇති බව තණමල්විල ප්‍රාදේශීය ලේකම් දයානන්ද රත්නායක මහතා ඊයේ (15 දා) "දිවයින" ට කියා සිටියේය.


"වන්නි මෙහෙයුමේ
ඔත්තු බලන්නට 300 ක්‌ යෙදවූවා"

කෙයාර් සංවිධානය කියයි

වන්නි මෙහෙයුම පිළිබඳව ඔත්තු බැලීම සඳහා තම සංවිධානය විසින් 300 ක්‌ යොදවා තිබූ බවත් ඉන් සියයට 95 ක්‌ ශ්‍රී ලාංකිකයන් බවත් කෙයාර් සංවිධානයේ ....


පළාත් සභා මන්ත්‍රීවරු
කිහිප දෙනෙකු සමඟ
කරු, රංගෙ, තෙවරප්පෙරුම, අශෝක සහ
වසන්ත හයිඩ් පිටියේ

රැලියට යනවා

එජාප ප්‍රකාශකයෙක්‌ කියයි

කරු ජයසූරිය, පාලිත රංගෙ බණ්‌ඩාර, පාලිත තෙවරප්පෙරුම, අශෝක්‌ අබේසිංහ, වසන්ත අලුවිහාරේ යන එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනා ලබන 18 වැනිදා හයිඩ්පිටියේ පැවැත්වීමට නියමිත නව විපක්‍ෂ ඒකාබද්ධ රැළියට සහභාගිවීමට නියමිත බැව් එජාප ප්‍රකාශකයකු "දිවයින" ට පැවැසීය.


කොළඹ පාසල්
වෑන් හදිසි පරීක්‍ෂාවක්‌

පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් හා බස්‌ රථවල ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමේ වැඩපිළිවෙළ යටතේ කොළඹ නගරයේ පාසල්වලට දරුවන් රැගෙන එන වෑන් රථ ඊයේ (15 දා) හදිසි පරීක්‍ෂාවකට ලක්‌ කෙරිණි. පුංචි බොරැල්ල ප්‍රදේශයේදී පොලිසිය විසින් එසේ වෑන් රථ පරීක්‍ෂා කළ අයුරුයි මේ. බස්‌නාහිර නාගරික රථවාහන කොට්‌ඨාසය භාර නියෝජ්‍ය පොලිස්‌පති අමරසිරි සේනාරත්න, නාගරික රථවාහන කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති වජිර ඉන්ද්‍රිජිත් යන මහත්වරුද එම රථවාහන පරීක්‍ෂාවට එක්‌ව සිටියහ. ඡායාරූප - කමල් බෝගොඩ


විජිත හේරත්ගේ
ලැප්ටොප් යන්ත්‍රය
උසාවියට

භාරදීමට නියෝග

ජනතා විමුක්‌ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට අයත් ලැප්ටොප් යන්ත්‍රය අධිකරණයට භාරදෙන ලෙසට කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඒ මහතාට  නියෝග කළාය.


අයවැයට පෙර
බඩු මිල නැංවීමේ
මාවතේ රජය

දැන් ගමන් කරනවා


මහජනතාවට සහන සැලසීම වෙනුවට අයවැයට පෙර භාණ්‌ඩ මිල වැඩිකිරීමේ මාවතේ ආණ්‌ඩුව මෙවරත් ගමන් කරමින් සිටිනවා යෑයි එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පෙරේදා (14 වැනිදා) පැවැසීය.


බුද්ධගයා විහාරයේ ආරක්‌ෂාව තර කරයි

බුද්ධගයාවේ ආරක්‌ෂාව සඳහා අතිරේක භට පිරිස්‌ කැඳවා ඇති අතරම ඒ ප්‍රදේශය පුරා පාමුර සංචාර ද වැඩිකර ඇති බව ගයා ප්‍රදේශය භාර පොලිස්‌ අධිකාරි මොහොමඩ් අක්‌තාර් හුසේන් ප්‍රකාශ කර ඇත.


නියෝජ්‍ය තැපැල්පති
අනිවාර්ය නිවාඩු යවයි

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ආර්. ඩී. පී. ගාමිණී මහතාගේ සේවය අත්හිටුවා ඒ මහතාව අනිවාර්ය නිවාඩු යෑවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.


අම්බලන්තොට
ප්‍රාදේශීය සභා
මන්ත්‍රී ඇතුළු

අනුන් වෙනුවෙන් කොරියානු  විභාගය ලියූ
6 දෙනකුට ඇප

පස්‌ දෙනකුම කොරියාවේ රැකියා කර පැමිණි අය

කොරියානු රැකියා සඳහා පැවැති භාෂා ප්‍රවීණතා විභාගයට වෙනත් අපේක්‍ෂකයන් වෙනුවෙන් පෙනී සිටීමේ චෝදනාව මත කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් හයදෙනා රුපියල් පන්ලක්‍ෂය ....


  
 
  • පළාත් සභාව වෙනුවෙන් අනුමැතිය දීමට
    උතුරේ ආණ්‌ඩුකාරවරයාට හැකිද?

    පෙත්සම් විභාගයට තිදෙනකුට
    වැඩි විනිසුරු මඬුල්ලක්‌ ඉල්ලයි


    දිවිනැඟුම සංවර්ධන පනත් කෙටුම්පතට උතුරු පළාත් සභාව වෙනුවෙන් අනුමැතිය පළ කිරීමට පළාත් ආණ්‌ඩුකාරවරයාට හැකිද? ඒ අනුමැතිය වලංගු ද යන්න විභාග කිරීම සඳහා සාමාජිකයන් තිදෙනකුට වැඩි විනිසුරු මඬුල්ලකට යොමු කරන්නැයි මේ පනත්  කෙටුම්පතට එරෙහිව අභියාචනාධිකරණයට රිට්‌ පෙත්සමක්‌
    ....
     
  • කළුතර හිර ගෙදරට ගිය නි.ඇමැති හරවා යවයි

    කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න මහතා බැලීමට පෙරේදා (14 වැනිදා) රාත්‍රි කළුතර බන්ධනාගාරයට යැමට උත්සාහ කළ වරාය නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක්‌ හරවා යෑවීමට කළුතර බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ බව එම බන්ධනාගාරයේ උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

 

 


 
  • අපේ වෑයම  විපක්‌ෂය පොදු  අරමුණකට ගෙන ඒමයි
    සරත් ෆොන්සේකා


    අපි දේශපාලන පෙරමුණක්‌ නොවෙයි නිර්මාණය කරන්නේ සියලුම දේශපාලන පක්‍ෂ හෝ දේශපාලකයන් පොදු අරමුණකට ගෙන ඒමයි සිද්ධ වෙන්නේ. එය විපක්‍ෂයේ එකමුතුවක්‌. ඒ මේ ආණ්‌ඩුව ගෙදර යෑවීමේ අරමුණ. අපිට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවල සැලසුම් සහ න්‍යාය පත්‍රයන්ට බාධා කිරීමේ වුවමනාවක්‌ නැහැ. මෙහිදී සිදුවන්නේ විරුද්ධ පක්‍ෂයේ දේශපාලනඥයන් සහ ඡන්දදායකයන් එක්‌ පොදු වේදිකාවක්‌ මතට ඇවිත් පොදු අරමුණක්‌ වෙනුවෙන් වැඩ කිරීමයි.
     
  • පනස්‌ පහකගේ දිවි අහිමි කළ ලයන් එයාර්
    යුද අපරාධය  වසර 14 කට පසු හෙළිවීම


    යානාවේ සිටි මගීහු සියලු දෙනාම ද්‍රවිඩයන්ය. ඔවුන් අතර හිටපු විදුහල්පතිවරු හා රාජ්‍ය සේවකයන් ද විය. එහෙත් ලන්ඩනයේ සිට ප්‍රකාශයට පත්වන ටැමිල් ගාඩියන් නමැති කොටි පුවත්පත නිවේදනයක්‌ කරමින් යාන්ත්‍රික දොaෂයකින් ලයන් එයාර් යානාව කඩාවැටුන බවත් ගුවන් යානාවේ සුන්බුන් හා මළ සිරුරු ගොඩගැනීමට නාවික හමුදාව ඉඩ දෙන්නේ නැතැයි කියමින් ජගත් ප්‍රජාව රැවටීමට ක්‍රියා කළහ.
     
  • අලි - ඇතුන්ගේ නිජබිම කලාවැව් පිටිය වනසයි
    බලධාරීන් නිහඬයි


    මේ හානිකර තත්ත්වයන් සියල්ලටම හේතු සාධක වී ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් වැරැදි දේශපාලන තීන්දුවක්‌ මත පදනම් ව වැවේ රොන්මඩ ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම ය. රොන්මඩ ඉවත් කිරීම සඳහා යොදා ගන්නා බැකෝ යන්ත්‍ර ආධාරයෙන් ම වැලි කැනීම් කටයුතු ද මේ වන විට ඉතාම හානිකර ලෙස සිදු කෙරෙමින් පවතී.
     
  • යහපත් සමාජයකට ජ්‍යෙතිශයේ මගපෙන්වීම

    හැම මිනිසෙක්‌ම මරණය හිසින් ගෙන උපදී. එහෙත් හැම මිනිහෙක්‌ම මරණය ගැන නොසිතා අනෙක්‌ හැම දෙයක්‌ ගැනම සිතති. එයින් අදහස්‌ කළේ හැම කෙනකුම නැතොත් වැඩි දෙනකු තමා ධනවත් වීම, විවාහ වීම, උසස්‌ වීම, රැකියාව, බලය ආදී හැම දෙයක්‌ ගැනම වැඩියෙන් සිතති. යටත් පිරිසෙයින් තම ජීවිතයේ ඉන්ද්‍රියමය සිදුවීම් පිළිබඳව හිතන්නේ නැත.
     

  

  


 

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.