නිල සංචාරයකට ජනපති ක්‌වේට්‌ රාජ්‍යයට යයි

අනුර බාලසූරිය

ක්‌වේට්‌හිදී පැවැත්වෙන ආසියානු සංසදයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (15 දා) පස්‌වරුවේ ක්‌වේට්‌ රාජ්‍යය බලා පිටත්ව ගියේය. සාමාජික රටවල් 31 ක සහභාගිත්වයෙන් ප්‍රථම වරට පැවැත්වෙන මෙම  සමුළුවට ඊට අයත් රටවල රාජ්‍ය නායකයන් හා විදේශ ඇමැතිවරුන් සහභාගිවීමට නියමිතය.

මෙම සමුළුවට පෙර ඊයේ (15 දා) ආරම්භවීමට නියමිතව තිබූ විදේශ ඇමැතිවරුන්ගේ සමුළුවට විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා සහභාගි වනු ඇත.

එරට තෙදින නිල සංචාරයක නිරත වන ජනාධිපතිවරයා සමුළුවට සහභාගිවීමට පැමිණෙන රාජ්‍ය නායකයන් කිහිපදෙනකු සමඟ ද්වීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.