බලාගාර ප්‍රදේශවලට නිසි වැසි නෑ
රු.මිලියන 100-200 ක්‌ විදුලියෙන් දිනකට පාඩුයි

චමින්ද සිල්වා

විදුලි බලාගාර ප්‍රදේශවලට තවමත් ප්‍රමාණවත් වර්ෂාපතනයක්‌ ලැබී නොමැති නිසා විදුලිබල මණ්‌ඩලයට තවමත් දෛනිකව රුපියල් මිලියන සීයත්, දෙසීයත් අතර පාඩුවක්‌ සිදුවන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති චම්පික රණවක මහතා ඊයේ (15 වැනිදා) පැවසීය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඉන්දියාවේ ඉදිවෙමින් පවතින න්‍යෂ්ටික බලාගාර පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විදුලිබල අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙරට බලාගාර ප්‍රදේශවලට ප්‍රමාණවත් වර්ෂාව නොලැබුණත් අඛණ්‌ඩව විදුලිය ලබාදීමට රජය කටයුතු කර තිබෙන බව කී ඇමැතිවරයා විදුලියෙන් ලබන පාඩුව පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම දැනුවත් කර ඇතැයිද කීය.

විදුලි බිල වැඩිකිරීම හෝ නොකිරීම එම කොමිසම මගින් කළයුතු කාර්යයක්‌ බව කී ඇමැතිවරයා එයට ඇමැතිවරයා හෝ විදුලිබල අමාත්‍යංශය සම්බන්ධ නොවන බවද කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.