අයවැයට පෙර බඩු මිල නැංවීමේ
මාවතේ රජය දැන් ගමන් කරනවා

චමින්ද සිල්වා

මහජනතාවට සහන සැලසීම වෙනුවට අයවැයට පෙර භාණ්‌ඩ මිල වැඩිකිරීමේ මාවතේ ආණ්‌ඩුව මෙවරත් ගමන් කරමින් සිටිනවා යෑයි එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පෙරේදා (14 වැනිදා) පැවැසීය.

සිමෙන්ති, සිගරට්‌, අරක්‌කු, කුකුළු මස්‌ මිල මේ වන විටත් වැඩිකර භාණ්‌ඩ මිල වැඩිකරන මාවතේ ආණ්‌ඩුව මගක්‌ දුර ගමන් කර ඇතැයි මන්ත්‍රීවරයා කියා සිටියේ පෙරේදා (14 වැනිදා) විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදිය.

ඉදිරි දින දෙක තුන ඇතුළත පෙට්‍රල් සහ ඩීසල් මිල තවත් රුපියල් 10 කින් වැඩිකර මහජනතාව තවත් අසරණ කිරීමට සැළසුම් කර ඇති මෙම ආණ්‌ඩුව අයවැයට පෙර තවත් භාණ්‌ඩ කිහිපයක මිල ඉහළ දමනු ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.

මේ වනවිට ආණ්‌ඩුව රුපියල් කෝටි මිලියන 6,500 ක්‌ ණයවී ඇති බවත් ඒ සඳහා වර්ෂයකට රුපියල් කෝටි 65,609 ක්‌ පොලී ලෙස ගෙවීමට සිදුව ඇති බවත් හෙතෙම කිය. මෙම ණය ගෙවීමට රටේ ජනතාවගෙන් තවත් බදු අයකර ගැනීමට ආණ්‌ඩුවට සිදුවනු ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.