පළාත් සභාව වෙනුවෙන් අනුමැතිය දීමට
උතුරේ ආණ්‌ඩුකාරවරයාට හැකිද?

පෙත්සම් විභාගයට තිදෙනකුට
වැඩි විනිසුරු මඬුල්ලක්‌ ඉල්ලයි

සරත් ධර්මසේන

දිවිනැඟුම සංවර්ධන පනත් කෙටුම්පතට උතුරු පළාත් සභාව වෙනුවෙන් අනුමැතිය පළ කිරීමට පළාත් ආණ්‌ඩුකාරවරයාට හැකිද? ඒ අනුමැතිය වලංගු ද යන්න විභාග කිරීම සඳහා සාමාජිකයන් තිදෙනකුට වැඩි විනිසුරු මඬුල්ලකට යොමු කරන්නැයි මේ පනත්  කෙටුම්පතට එරෙහිව අභියාචනාධිකරණයට රිට්‌ පෙත්සමක්‌ ගොනු කළ ද්‍රවිඩ ජාතික සන්ධානයේ යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ඊයේ (15 දා) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශමින්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ඕනෑම සංඛ්‍යාවකින් යුත් විනිසුරු මඬුල්ලක්‌ හමුවේ මේ නඩුව විභාග කරනවාට විරුද්ධත්වයක්‌ නැති බවයි.

මෙම නඩුව විභාගය සඳහා පංචපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ පත්කරන්නේද යන්න සලකා බැලීමට ලබන 22 වැනි දිනට කල් තැබීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.