රියෑදුරු කැබ් රියෙන් රහස්‌ ගමනක්‌ ගිහින්
- තණමල්විල ප්‍රා. ලේකම් කියයි

නෝමන් පලිහවඩන

කැබ් රියෙන් ගංජා ප්‍රවාහනය කළ රියෑදුරු කාටත් හොර රහසේ මේ ගමන ගොස්‌ ඇති බව තණමල්විල ප්‍රාදේශීය ලේකම් දයානන්ද රත්නායක මහතා ඊයේ (15 දා) "දිවයින" ට කියා සිටියේය. මේ රියදුරු සමාජයේ හැසුරුණේ අහිංසකයකු විදිහට. මොහු සිගරැට්‌, අරක්‌කු බොන්නේ නැහැ. ඕනෑම කෙනකු ඔහුගේ මේ  ජීවිතයට රැවටෙනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙනත් (ජ්‍යෙෂ්ඨ) නිලධාරියකු ද කැබ් රියෙන් රැගෙන යන ලෙස රියෑදුරුට උපදෙස්‌ ලැබුණා. නිලධාරියා රැගෙන ගියාට පස්‌සේ මේ රියෑදුරා හොරෙන් හම්බෙගමුව පැත්තට ගිහින් තියෙනවා.

මම මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්න කලින් මොහු කලින් හිටපු නිලධාරියා ළඟ සේවය කර තිබෙනවා. අනික ඔය කැබ්රිය මගේ නිල වාහනය නොවේ. ඒ වුණත් කාර්යාලයේ තිබෙන වාහනවලට මා වගකිව යුතුයි.

පොලිසිය ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කර පරීක්‍ෂණ කටයුතු සඳහා තවත් තොරතුරු සොයාගන්න පුළුවන්.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.