නියෝජ්‍ය තැපැල්පති අනිවාර්ය නිවාඩු යවයි

ප්‍රියදර්ශන ලියනගේ

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ආර්. ඩී. පී. ගාමිණී මහතාගේ සේවය අත්හිටුවා ඒ මහතාව අනිවාර්ය නිවාඩු යෑවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙම තීරණය ගෙන ඇත්තේ තැපැල් දෙපාර්තමේන්තුවට පාපැදි මිලදී ගැනීමේදී සිදුවී ඇති වංචා දූෂණවලට නියෝජ්‍ය තැපැල්පතිවරයා වගකිව යුතු බවට රජය විසින් තීරණය කිරීමෙන් අනතුරුවයි.

නියෝජ්‍ය තැපැල්පති ගාමිණි මහතාගේ සේවය අත්හිටුවා ඒ මහතාව අනිවාර්ය නිවාඩු යෑවීමට රජය තීරණය කර තිබෙනවා දැයි තැපැල් සේවා අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ඊයේ (15 දා) විමසූ විට ලේකම්වරයා පැවසුවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එවැනි තීරණයක්‌ ගෙන ඇති බවයි. අමාත්‍යාංශ ලේකම්වරයා හැටියට මමත් තැපැල්පතිවරයාත් ලිතව රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්‌ කළා නියෝජ්‍ය තැපැල්පතිවරයාව අනිවාර්ය නිවාඩු යවන්න එපා කියලා. නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අපේ ඉල්ලීම පිළිගත්තේ නැහැ යෑයි ද ලේකම්වරයා වැඩි දුරටත් පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.