"වන්නි මෙහෙයුමේ ඔත්තු බලන්නට 300 ක්‌ යෙදවූවා"
කෙයාර් සංවිධානය කියයි

කීර්ති වර්ණකුලසූරිය

වන්නි මෙහෙයුම පිළිබඳව ඔත්තු බැලීම සඳහා තම සංවිධානය විසින් 300 ක්‌ යොදවා තිබූ බවත් ඉන් සියයට 95 ක්‌ ශ්‍රී ලාංකිකයන් බවත් කෙයාර් සංවිධානයේ නිල්ස්‌ මෝර්ස්‌ පවසයි.

නෝර්වේ හි කෙයාර් සංවිධානයේ දේශපාලන උපදේශක ලෙස නිල්ස්‌ මෝර්ස්‌ ක්‍රියාකර තිබේ. මේ රහස හෙළිවී ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත එවා තිබූ රහස්‌ ලියවිල්ලකිනි.

වන්නි මෙහෙයුම සමයේ ක්‍රියාත්මක වූ මේ පිරිසට චන්ද්‍රිකා දුරකථනද ලබාදී තිබිණි. මෙලෙස තොරතුරු රැස්‌කිරීමට දායකවූ නෝර්වේ සංවිධානයේ එක්‌ නිලධාරිනියක්‌ මෙරටින් පිටුවහල් කරනු ලැබීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.