පැය 76 ක්‌ හිටිවන කවි කියා  වාර්තාවක්‌ පිහිටුවයි

රුවන් ජයවර්ධන - මීගහතැන්න

මතුගම නවුත්තුඩුව ප්‍රදේශයෙන් බිහි වූ ප්‍රකට කවියකු වන කාව්‍යශිරෝමනි රෝහණ කුමාර හේවාමාන්න මහතා පසුගියදා පැය 76 ක්‌ පුරා හිටිවන කවි ගායනා කිරීමෙන් වාර්තාවක්‌ පිහිටුවීමට සමත් විය.

68 වැනි වියෙහි පසුවන රෝහණ කුමාර මහතා පසුගියදා මතුගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයේදී මෙම දස්‌කම කිරීමට සමත් වූ අතර පුරා දින තුනක්‌ මුළුල්ලේ දියර ආහාර වර්ග පමණක්‌ ආහාරයට ගනිමින් හිටිවන කවි ගායනා කිරීම විශේෂත්වයක්‌ විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.