හක්‌කපටස්‌වලින් තුවාල ලැබූ
අලි පැටවා කන්තලේ යකා නටයි


කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ

හක්‌කපටස්‌වලට ගොදුරුවී මුඛය තුවාල වූ අලි පැටවකු වේදනාව දරාගත නොහැකිව ඊයේ (15 දා) උදය වරුවේ කන්තලේ 87 සීනිපුර ප්‍රදේශයට පැමිණ මහා විනාශයක්‌ සිදුකර තිබේ. එහි ගිය කන්තලේ වනජීවී අලි පාලන ඒකකයේ නිලධාරීහු මහත් වෙහෙසක්‌ දරා අලි පැටවා ඊයේ දහවල් වන විට සෝමාවතිය රක්‍ෂිතයට පලවා හැරීමට සමත් වූහ.

වයස අවුරුදු 5 ක්‌ පමණ වූ මෙම අලි පැටවා වේදනාව ඉවසා දරා ගත නොහැකිව ගම්මානයේ තිබූ කුඩා වාඩිපැල්, ගස්‌ කොළං විනාශ කොට මිනිසුන්ටද පහරදීමට පන්නා තිබේ. නිවාසවලටද පහරදීමට උත්සාහ දරා ඇත. වනජීවී නිලධාරීහු අලි වෙඩි දමා අලි පැටවා පන්නා දමා වනජීවී පශු වෛද්‍යවරයා ගෙන්වා ගන්නට උත්සාහ දරමින් සිටිති.

කන්තලේ වනජීවී අලි පාලන ඒකකයේ අඩිවි සහකාර විජයකුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ මෙම මෙහෙයුමට සහභාගි වී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.