නිසි අවසරය ලැබුණු පසු ලයන් එයාර්
යානාවේ සුන්බුන් ගොඩ ගන්නවා
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක

කීර්ති වර්ණකුලසූරිය

නිසි අවසරය ලත් පසු ඉරණතිව් දූපත සමීපයේ නොගැඹුරු මුහුදේ ඇති ලයන් එයාර් ඇන්ටනෝව් යානාවේ සුන්බුන් ගොඩ ගන්නා බව නාවික හමුදා ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය මහතා ඊයේ (15 දා) පැවැසීය.

1998 සැප්තැම්බර් 24 දා පලාලි සිට රත්මලාන බලා එමින් තිබූ ලයන් එයාර් ඇන්ටනෝව් 24 යානාව කොටි මිසයිල ප්‍රහාරයකට ලක්‌වීමෙන් එහි ගමන් කළ පනස්‌ පස්‌ දෙනෙක්‌ මරුමුවට පත්වූහ.

ත්‍රස්‌ත මර්දන ඒකකය කළ ඉල්ලීම මත නාවික හමුදා කිමිදුම්කරුවන් කණ්‌ඩායමක්‌ ගොස්‌ ලයන් එයාර් යානාව තිබෙන තැන සොයා ගත්තා යෑයි නාවික හමුදා ප්‍රකාශකයා පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.