පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සමඟ
කරු, රංගෙ, තෙවරප්පෙරුම, අශෝක සහ
වසන්ත හයිඩ් පිටියේ රැලියට යනවා

එජාප ප්‍රකාශකයෙක්‌ කියයි

අකිත පෙරේරා සහ අජිත් අලහකෝන්

කරු ජයසූරිය, පාලිත රංගෙ බණ්‌ඩාර, පාලිත තෙවරප්පෙරුම, අශෝක්‌ අබේසිංහ, වසන්ත අලුවිහාරේ යන එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනා ලබන 18 වැනිදා හයිඩ්පිටියේ පැවැත්වීමට නියමිත නව විපක්‍ෂ ඒකාබද්ධ රැළියට සහභාගිවීමට නියමිත බැව් එජාප ප්‍රකාශකයකු "දිවයින" ට පැවැසීය.

එක්‌සත් ජාතික පක්‍ෂයට අනුබද්ධ එක්‌සත් භික්‌ෂු පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සරත් ෆොන්සේකා මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම රැළියට තමන් අනිවාර්යෙන්ම සහභාගි වන බව එජාප හිටපු නියෝජ්‍ය නායක කරු ජයසුරිය මහතා "දිවයින" ට කීය.

අදාළ රැළියට සහභාගි වන ලෙස එක්‌සත් භික්‌ෂු පෙරමුණ තමන්ට මීට පෙර ආරාධනා කළ අතර එම ආරාධනය තමා භාරගත් බව ද ඒ මහතා කියා සිටියේය.

පක්‍ෂය පසුව කුමන තීරණයක්‌ ගත්තද ලබන 18 වැනිදා පැවැත්වෙන රැළියට තමන් සහභාගි වීමට තීරණය කර ඇතැයිද කරු ජයසූරිය මහතා කිය.

මේ වනවිට රංගෙ බණ්‌ඩාර සහ පාලිත තෙවරප්පරෙeම යන එජාප මන්ත්‍රීවරුන් ද අදාළ රැළියට සහභාගි වීම ස්‌ථිර කර ඇත.

සරත් ෆොන්සේකා මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම රැළියට දයාසිරි ජයසේකර මහතා සහභාගිවීමට කැමැත්ත පළකර තිබුණද මන්ත්‍රීවරයාගේ පැමිණීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.

එජාප පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න, ශිරාල් ලක්‌තිලක යන මහත්වරුද රැළියට සහභාගි වීමට නියමිත බව ද එජාප ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

මේ අතර පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය කවර තීන්දුවක්‌ ගත්තත් තමන් ඇතුළු එජාප පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙම 18 වැනිදා හයිඩ් පිටියේ පවත්වන රැලියට සහභාගි වන බව දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා "දිවයින"ට පැවසීය.

දකුණු පළාත් සභාවේ බන්දුලාල් බණ්‌ඩාරිගොඩ මහතාද, බස්‌නාහිර පළාත් සභාවේ සීරිකමල් සිල්වා සහ ශිරාල් ලක්‌තිලක යන මහත්වරුද දැනටමත් මෙම රැළියට සහභාගි වීමට එකඟත්වය පළ කර ඇතැයි මෛත්‍රී ගුණරත්න මහතා මෙම රැළිය පවත්වන්නේ දේශපාලන පක්‍ෂයකින් නොවන බවද කීවේය.

මෙය සරත් ෆොන්සේකා මහතා විසින් සංවිධානය කරන රැළියක්‌ නොවන බවත් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ගරුතර භික්‍ෂූන් වහන්සේ විසින් සංවිධානය කරන රැළියක්‌ බවද මෙම මන්ත්‍රීවරුන්ට අමතරව තවත් පළාත් සභා මන්ත්‍රීවරුන් එදින ඊට සහභාගී වන බවද මෛත්‍රී ගුණරත්න මහතා තවදුටෙත් "දිවයින"ට පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.