රජය බඩු මිල වැඩි කරන්නේ විස්‌සයි : විස්‌ස
තරගයක බැට්‌ කරන ආකාරයටයි
එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක

අකිත පෙරේරා,

වත්මන් ආණ්‌ඩුව බඩු මිල වැඩි කරනුයේ විස්‌සයි විස්‌ස තරගයක "බැට්‌" කරන ආකාරයට යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (15 වැනිදා) පැවැසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

වර්තමාන ආණ්‌ඩුව මැතිවරණ කාලෙට බලය ගන්න කොට නම් කිව්වේ සංවේදී පාලනයක්‌ ඇතිකරන්න තමන්ට ඡන්දේ දෙන්න කියලා. ඒත් වර්තමානයේදී ජනතා ප්‍රශ්න ගැන ආණ්‌ඩුව දක්‌වන සංවේදීතාවය ගැන ප්‍රශ්න තිබෙනවා.

මොකද ආණ්‌ඩුව සතියෙන් සතිය බඩු මිල වැඩිකරනවා. ආදායමට වඩා අද වියදම වැඩියි. ඉර නැගෙන තුරු ඉර බහින තුරු ජනතාව මේවා ගැන කල්පනා කරලාම මානසික ව්‍යාධීන්වලටත් ගොදුරු වෙනවා. ආණ්‌ඩුව දිනපතාම නොයෙක්‌ මිල සූත්‍ර හඳුන්වා දෙමින් බඩු මිල වැඩි කරනවා. මෙය ජනතාවගේ පැත්තෙන් බලනකොට ඉතාම අසාධාරණයි.

දැන් අයවැයට පෙර බඩු මිල වැඩි වෙමින් තිබෙනවා. පළාත් සභා මැතිවරණවලට පෙර නම් බඩු මිල සොච්චමකින් අඩු කරලා ඡන්දෙ ඉවරවුණු ගමන්ම ආයෙත් බඩු මිල වැඩි කරනවා. වතුර වීදුරුවෙන් ආරම්භ කර දැන් එය සිමෙන්ති, කුකුල් මස්‌ දක්‌වා ගිහින්.

මේ ආණ්‌ඩුව විස්‌සයි විස්‌ස තරගයකට බැට්‌ කරනවා වගේ තමයි බඩු මිල වැඩි කරන්නේ. ක්‍රිස්‌ ගේල් හයේ පහරවල් ගහනවාටත් වඩා වේගයෙන් තමයි ආණ්‌ඩුව බඩු මිල වැඩි කරන්නේ. සිංගප්පුරුවේ ජනතාවගේ තරම ගැන සිතා මෙහේ බඩු මිල වැඩි කරන්න එපා කියලා ආණ්‌ඩුවට කියනවා.

දැන් මේ ආණ්‌ඩුව අයවැයට පෙර අයවැයේදී සහ අයවැයෙන් පසුව ලෙසත් බඩු මිල වැඩි කරනවා. ඊට අමතරව අසීමිත ලෙස ණය අරගෙන ඒවාට පොලිය ගෙවන්න ජනතාව මත පටවනවා.

ඒ අතරේ සුළු පිරිසක්‌ ආණ්‌ඩුවේ සුරතලුන් බවට පත්වෙලා අධිපෝෂණය ලබමින් සිටින අතරේ සාමාන්‍ය ජනතාවගේ සුබ සාධක කටයුතුවලට වෙන් කළ යුතු මුදල් කප්පාදු කරනවා. නිදහස්‌ අධ්‍යාපනය, නිදහස්‌ සෞඛ්‍ය සඳහා යොදවන මුදල් පවා කප්පාදු කරනවා.

යුද්ධය තිබියදීත් දළ ජාතික ආදායමෙන් අධ්‍යාපනයට සියයට දෙකයි දශම ගණනක්‌ ආණ්‌ඩුව වියදම් කළත් යුද්දෙන් පසුව එය 1.8% ට අඩු වුණා. දැන් මෙවර එය 1.5% ටත් අඩු වෙනවා කියලයි දැනගන්න ලැබෙන්නේ.

අද රජයේ රෝහලකට ගියොත් බෙහෙත් නෑ කියනවා. µdමසියෙන් බෙහෙත් ටික ගන්න කියනවා. අද රජයේ රෝහලෙන් නොමිලේ ලැබෙන්නේ බෙහෙත් තුණ්‌ඩුව විතරයි.

සෞඛ්‍යයට වෙන් කරනු ලබන මුදල් අඩු කරනවා මදිවට බාල බෙහෙත් පවා මේ ආණ්‌ඩුව ගේනවා. ඒ නිසා ගාල්ලේ අහිංසක දැරියක්‌ මිය ගියා. මේ ගෙන්වන ඖෂධ වල ප්‍රමිතිය ගැන ප්‍රශ්න රැසක්‌ තිබෙනවා.

මේ ආණ්‌ඩුවේ දූෂිත, බඩගෝස්‌තරවාදය නිසා ජනතාවටයි ඒවාට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ. මේවා ගැන අපි ජනතාවට කිව්වා. පළාත් සභා මැතිවරණයේදීත් කිව්වා. මේ ආණ්‌ඩුවේ වැරැදිවලට බැරියර් එකක්‌ දාන්න ඡන්දය ප්‍රකාශ කරන්න කියලා. නමුත් ආණ්‌ඩුව ජනතාව අන්දවලා ඡන්දෙ ලබාගෙන විශිෂ්ට ජයග්‍රහණයක්‌ කියලා පුරසාරම් දොඩවනවා. ඒ මැතිවරණ ප්‍රතිපලය තුළින් සමස්‌ත ජනතාවම ආණ්‌ඩුව විසින් පරාජය කළා.

දැන් තෙල් මිල ලෝක වෙළෙඳපොළේ වැඩි වෙන කොට මෙහෙදිත් තෙල් මිල වැඩි වෙනවා. ඒත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වෙනකොට මෙහේ අඩු වෙන්නේ නෑ. අරුම පුදුම ආණ්‌ඩුවක්‌ මේක. අපි තෙල් මිල වැඩි කිරීමට විරුද්ධව අධිකරණ තීන්දුවකුත් ලබා ගත්තා. ඒත් මේ ආණ්‌ඩුව ඒක ගණන් ගත්තෙත් නැහැ.

දැන් තෙල් මිල වැඩි කරන්නේ නැහැ කියලා නියෝජ්‍ය ඇමැතිවරයා කිව්වා. ඒත් ජනතාව දන්නවා ඇමැතිවරයා කිව්වහම අනිවාර්යයෙන්ම මිල වැඩිවෙනවා කියලා. හැබැයි දැන් ඉන්ධන මිල වැඩි කිරීමට පිඹුරුපත් සියල්ල සකසා තියා අවසන්.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.