කරන්දෙණිය දොස්‌තර
ඝාතන නඩුව  නැවත වරක්‌ කල් දමයි


අහුන්ගල්ලේ - කමල් ශ්‍රී ලියනගේ

කරන්දෙනියේ හොඳ හිත ලෙස ප්‍රකට වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ මහතාගේ ඝාතන නඩුව ඊයේ (15 දා) බළපිටිය උසාවිය හමුවේ යළි විභාගයට ගත් අවස්‌ථාවේදී නැවත නඩු විභාගය මෙම මස 22 වැනිදා තෙක්‌ කල් තැබීමට බළපිටිය මහෙස්‌ත්‍රාත් අසංක බෝදරගම මහතා නියෝග කළේය.

මෙම නඩුවේ ඉදිරි කටයුතු සඳහා නීතිපති උපදෙස්‌ පතා ලිපි ලේඛන නීතිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණි.

වෛද්‍යවරයාගේ ඝාතනය සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගතකොට සිටින රසායනාගාර පරීක්‍ෂක කේ. ඩී. චින්තක රුවන්, යුද හමුදාවේ කපිතාන් චන්දන වික්‍රමසිංහ, සෙබළ අයිය මලෝ වන එස්‌. එච්. ජයලත් ද සිල්වා, එස්‌. එච්. ශාන්ත ද සිල්වා, විජිත් ආනන්ද ද සොයිසා යන සැකකරුවන් 22 වන දින තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගත කළේය.

මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් කිසිදු නීතිඥ මහතකු පෙනී නොසිටි අතර පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ලෙස්‌ලි ජයසිංහ මහතා පෙනී සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.