රිඡ්වේ රෝහලේ සිටි මව
දින 25 ක්‌ වයසැති දරුවා ක්‌ලෝරින් භාජනයකට දමලා

නුවණැති හෙද නිලධාරිනිය නිසා දරුවාගේ දිවි රැකෙයි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

මවක විසින් බිහි කළ දින 25 ක්‌ වයසැති බිළිදකු කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ වැසිකිළියක්‌ අසල වූ ක්‌ලෝරින් අඩංගු භාජනයකට දමා තිබියදී ඊයේ 15 වැනිදා අලුයම 2.15 ට සොයා ගැනීමට එම රෝහලේ හෙද නිලධාරිනියක්‌ සමත් වූවාය.

එම හෙද නිලධාරිනියගේ තියුණු විමසිලිමත්භාවය නිසා එම බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට හැකි විණැයි රෝහල් අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා "දිවයින"ට පැවැසීය.

මෙම බිළි¹ අදාළ භාජනයේ තව මොහොතක සිටියේ නම් එම බිළි¹ මිය යැමට පවා ඉඩ තිබුණු බවද රෝහල් අධ්‍යක්‌ෂවරයා කීය.

සිය බිළිඳා වැසිකිළිය අසල වූ ක්‌ලෝරීන් භාජනයට දැමූ මව නැවත ඇය සිටි ඇඳට විත් පාඩුවේ සිට ඇත. එම බිළිදා ඇය ළඟ නොසිටීම ගැන සැකසිතූ හෙද නිලධාරිනිය වැසිකිළියක්‌ දෙසට ගොස්‌ සොයා බැලීමේදී ක්‌ලෝරීන් භාජනය තුළ සිටි බිළිඳා දැක වහා පිටතට ගෙන තිබේ.

දරුවා මේ වන විට සුවෙන් පසුවන බව එම වෛද්‍යවරු පවසති. මෙම ක්‌ලෝරීන් භාජනයේ සිටි බිළිඳා සොයාගෙන ඇත්තේ එම ළමා රෝහලේ 2 වැනි වාට්‌ටුවේ සේවය කරන කුමුදු මෙන්ඩිස්‌ නමැති හෙද නිලධාරියෙකි.

'මේ වගේ හෙද නිලධාරීන් අපේ රෝහලට වගේම සමස්‌ත රටටම ආදර්ශයක්‌. ඒ විතරක්‌ නොවෙයි මේක මුළුමහත් සෞඛ්‍ය ක්‌ෂේත්‍රයටද ආදර්ශයක්‌.' යෑයි කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධව 18 හැවිරිදි මවගෙන් බොරැල්ල ළමා රෝහල් පොලිසිය ප්‍රකාශයක්‌ ලබාගෙන ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.