පස්‌සර මැදි විදුහලේ උ/පෙළ
වාණිජ්‍ය විෂයයන්ට ගුරුවරු නෑ


නමුණුකුල -  යූ. බී. පල්ලේගෙදර

වසර ගණනාවක සිට පස්‌සර මධ්‍ය මහා විද්‍යාලයේ උසස්‌ පෙළ හදාරණ සිසු සිසුවියන්ට වාණිජ විෂයයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරුන් ලබානොදීම සම්බන්ධයෙන් ඊයේ (15 දා) පෙරවරුවේ සිට විදුහල තුළ නොසන්සුන් තත්ත්වයක්‌ ඇති වෙමින් තිබිණි.

පසුගිය දිනවලදී මෙවැනි තත්ත්වයක්‌ තිබූ උසස්‌ පෙළ විද්‍යා විෂය ධාරාවන්ට අවශ්‍ය ගුරුවරුන් ලබාදී ඇතත් දිනෙන් දින තම විෂයයන් ඉගැන්වීමට ස්‌ථිර ගුරුවරුන් ලබා නොදුනහොත් ශක්‌ති ප්‍රමාණයෙන් විරෝධතාවන් දක්‌වන බව උසස්‌ පෙළ සිසුහු පවසති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.