ගෝනපොල හන්දියේ බෙහෙත් ශාලාවක
හිස්‌ බෙහෙත් පැකට්‌වල සඟවා
ගංජා විකුණූ අයෙක්‌ අත්අඩංගුවට


බණ්‌ඩාරගම අතිරේක, බණ්‌ඩාරගම - බී. එස්‌. ජයසිංහ

මොරගහහේන - ගෝනපොළ හන්දියේ µdමසියක්‌ පවත්වාගෙන යන මුවාවෙන් ඉවත දමන හිස්‌ බෙහෙත් පැකට්‌ටුවල දමා ගංජා අලෙවි කළ බව කියන රසායනාගාර පර්යේෂණ නිලධාරියකු ගංජා පැකට්‌ තුනක්‌ සමග පෙරේදා (13 දා) රාත්‍රි අත්අඩංගුවට ගත් බව පානදුර කොට්‌ඨාස දූෂණ මර්දන අංශය කියයි.

තහනම් කරන ලද කොරෙක්‌ස්‌ නමැති බෙහෙත හොර රහසේ අලෙවි කරන බවට පානදුර කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඩී. එල්. ඒ. නයනජිත් මහතාට ලැබුණු තොරතුරක්‌ මත පොලිස්‌ උපාය දූතයකු කොරෙක්‌ස්‌ ඩී බෙහෙත මිලදී ගැනීමට වෙළෙඳසලට යෑවූ අවස්‌ථාවේ ඒවා නොමැති බව පවසා සැකකාර පර්යේෂණ නිලධාරියා කූරක්‌ දෙන්න දැයි සැකකරුගෙන් අසා එය ඉවත දමන බෙහෙත් පැකට්‌ටුවකට දමා පොලිස්‌ උපාය දූතයා අතට පත් කර ඇතැයි පොලිසිය කියයි.

සැකකරු මෙම ගංජා ඔහුගේ ගම් ප්‍රදේශය වන ඇඹිලිපිටියේ සිට ප්‍රවාහනය කර ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇත.

මෙම සැකකරුගේ µdමසියට ආසන්නයේ බියර් වෙළෙඳසලට පැමිණෙන පුද්ගලයන්ද බියර් නොමැති අවස්‌ථාවලදී මෙම කොරෙක්‌ස්‌ ඩී හා ගංජා මිලදී ගැනීමට ද පුරුදු වී ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇත.

සැකකාර රසායනාගාර පර්යේෂණ නිලධාරියා එම විභාගයට පෙනී සිටි අයකු වන අතර ඒ පිළිබඳ සහතිකයක්‌ හෝ නොමැති බව පොලිසිය කළ වැඩිදුර පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

පානදුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී එච්. එම්. ධර්මසේන, සහකාර පොලිස්‌ අධිකාරී රංජිත් සිල්වා මහත්වරුන්ගේ උපදෙස්‌ මත පානදුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මහේෂ් පෙරේරා - පානදුර කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඩී. එල්. ඒ. නයනජිත් යන මහත්වරු පරීක්‍ෂණ පවත්වති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.