කන්දකැටියේ තාවකාලික
පාලම වැස්‌සට  ගසා ගෙන යයි


කන්දකැටිය - ජී. චතුරංග

කන්දකැටිය, ප්‍රදේශයට පෙරේදා 14 දා සවස ඇදවැටුනු ධාරාණිපාත වර්ෂාවත් සමඟම බදුලු ඔයේ ජල මට්‌ටම ඉහළ යැමෙන් කන්දකැටිය ගලඋඩ ප්‍රධාන මාර්ගය අතරතුර බදුලු ඔය හරහා ඉදිකර තිබූ තාවකාලික පාලම මුළුමනින්ම කැඩී ගොස්‌ ඇතැයි කන්දකැටිය වාරිමාර්ග කාර්යාලය පවසයි.

පස්‌, ගල්, වැලි හා බෝක්‌කු සොයාගෙන මෙම පාලම ඉදිකර තිබුණේ එම ස්‌ථානයේ නව පාලමක්‌ ඉදිවනතුරු වාහන යැමට විකල්ප මාර්ගයක්‌ ලෙසය.

මේ වනවිටත් නව පාලමේ වැඩ අවසන්ව නැති අතර තාවකාලික පාලමද කැඩී යැම නිසා ප්‍රදේශයේ ජනතාව ප්‍රවාහන ගැටලු රැසකට මුහුණ දී සිsටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.