ක්‍රීඩාව අපිරිසිදු කරන්නන්ට
ජීවිතාන්තය දක්‌වා  තරග තහනම් කළ යුතුයි - මුරලි

ක්‍රීඩාව අපකීර්තියට පත් කරවන ක්‍රියා සිදුකරනු ලබන ඕනෑම පුද්ගලයකුට ජීවිතාන්තය දක්‌වා ක්‍රීඩාව තහනම් කළ යුතු බව හිටපු ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අවධාරණය කර සිටියි.

ශ්‍රී ලාංකික විනිසුරුවරුන් තිදෙනකුද සමගින් විනිසුරුවන් හය දෙනෙකු මුදලට තරග පාවා දුන් බවට ඉන්දීය මාධ්‍යයක්‌ මගින් සාක්‍ෂි ඇතිව ඔප්පු කරන ලද තොරතුරු අනාවරණයට ප්‍රතිචාර දක්‌වමින් මුරලිදරන් ඉහත අදහස්‌ පළ කර තිබේ.

විදෙස්‌ මාධ්‍යයක්‌ හමුවේ වැඩිදුරටත් අදහස්‌ දක්‌වා ඇති හෙතෙම, ඒ සම්බන්ධයෙන් තමාට ලබා දිය හැකි උපරිම සහයෝගය ජගත් ක්‍රිකට්‌ කවුන්සිලයට ලබාදීමට තමන් සූදානම් බවයි.

zක්‍රීඩාව අපකීර්තියට පත්වන ක්‍රියා සිදු කරන අයට අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුයි. එම දඬුවම ජීවිතාන්තය දක්‌වා ලබාදිය යුතුයි. එය ජාත්‍යන්තරද දේශීයද කියන එක එහිදී වැදගත් නැහැZ යනුවෙන් මුරලිදරන් සඳහන් කර තිබේ.

ලොව වැඩිම ටෙස්‌ට්‌ සහ එක්‌දින කඩුලූ ලාභියා වන මුත්තයියා මුරලිදරන් ටෙස්‌ට්‌ තරග 133 කදී කඩුලූ 800 ක්‌ද එක්‌දින තරග 350 කදී කඩුලූ 534 ක්‌ද වශයෙන් දෙඅංශයෙන්ම කඩුලූ 1334 ක්‌ බිඳ හෙළීමට සමත්වූවේය. ඉකුත් 2009 වසරේදී සිය ක්‍රිකට්‌ දිවියට සමුදුන් මුරලිදරන් ඉකුත් 2011 වසරේ මුම්බායිහි පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයෙන් අනතුරුව පූර්ණ වශයෙන් ජගත් ක්‍රිකට්‌ දිවියෙන් සමුගත්තේය.

මුදලට තරග පාවා දුන් බවට විනිසුරුවන් අතර ගාමිණී දිසානායක, සාගර ගාල්ලගේ සහ මවුරිස්‌ වින්ස්‌ටන් යන අය චෝදනා ලැබ සිටිති . ඔවුන් තිදෙනාට අමතරව පාකිස්‌තානයේ නදීම් ගෞරි, බංග්ලාදේශයේ අනිස්‌ සිද්ධික්‌ සහ නදීර් ෂා ද මුදලට තරග පාවා දුන් සෙසු විනිසුරුවන් බවට පත්ව සිටිති.

zක්‍රිකට්‌ කියන්නේ විනිවිධතාවයක්‌ තියෙන ක්‍රීඩාවක්‌ එය දිනෙන් දින පිරිසිදු විය යුතුයි. මම හිතන්නේ අයි. සී. සී. ඒ දේ සඳහා හරි දේ කරනවා කියන එකයි. ඒ සඳහා ඔවුන් ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලවලට, තරග තීරකයන්ට හ කළමනාකාරීත්වයට අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කරනු ලබනවා. ඒ නිසා එවැනි දෙයකට එරෙහිව යමින් කටයුතු කරන ඕනෑම කෙනෙකුට අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුයිZ යනුවෙන් මුරලිදරන් අදහස්‌ දක්‌වා තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.