පැරදුනේ ඇයි?
උපායශීලී නොවීම...

ශ්‍රී ලංකාව හා කොදෙව් අතර පැවැති ටී-20 අවසන් මහ තරගයේදී අපගේ පරාජයට හේතුවූ කරුණු කිහිපයක්‌ මෙහි සඳහන් කරමි.

01. කුලසේකර විසින් මාලන් සැමුවෙල්ස්‌ගේ උඩ පන්දුව අත හැරීම(එවිට මාලන් සැමුවෙල්ස්‌ ලබා සිටියේ ලකුණු 20 කි)

02. ලසිත් මාලිංග මාලන් සැමුවෙල්ස්‌ වෙතින් දැඩි ප්‍රහාරයකට ලක්‌වෙත්දීත් ඔහු විසින් කිසිදු අවස්‌ථාවක Sඛධඋ ඊAඛඛ දැමීම, කෙටි පන්දු දැමීම වැනි උපක්‍රමශීලී පන්දු යෑවීමක නොයෙදීම.(නමුත් පාකිස්‌තානය සමග පැවැති අවසන් පූර්ව තරගයේදී මාලිංග විසින් Sඛධඋ ඊAඛඛ දැමීම, කෙටි පන්දු දැමීම වැනි උපක්‍රමශීලී පන්දු යෑවීමක නිරත විය)

03. ලසිත් මාලිංග, මාලන් සැමුවෙල්ස්‌ වෙතින් දැඩි ප්‍රහාරයකට ලක්‌වෙත්දී නායක මහේල විසින් ඒ ගැන කිසිදු තැකීමක්‌ නොකර ඔහු යළි යළිත් පන්දු යෑවීමට යොදා ගැනීම.(තරගය අවසන් වන විට අකිල ධනංජය හා කුලසේකරට තවත් පන්දුවාරය බැගින් ඉතිරිව තිබිනි)

04. තිසර පෙරේරාට එකම පන්දුවාරයක්‌ හෝ යෑවීමට ලබා නොදීම.

05. ඩිල්ෂාන්ගේ කිසිදු වගකීමකින් තොර පිතිහරඹය.

06 .අවදානමක්‌ ඇති බව දැන දැනත් තාක්‍ෂණය, පිතිකරණය අතින් ලංකා කණ්‌ඩායමේ පරිණතම හා විශේෂඥ පිතිකරුවන් දෙදෙනා වන මහේල හා සංගක්‌කාරගේ අතිශය මන්දගාමී පිතිහරඹය. මහේල ලකුණු 33 පන්දු 36, සංගා ලකුණු 22 පන්දු 26 යි

07. එසේ අතිශය මන්දගාමී පිතිහරඹයක යෙදී සිටියදී ලකුණු 48 දී 2 වන කඩුල්ල ලෙස සංගක්‌කාර දැවී ගිය පසු ඊළඟ පිතිකරු ලෙස පැමිණිය යුතුම වූයේ තිසර පෙරේරා හෝ ජීවන් මෙන්ඩිස්‌ හෝ වුවත් නායකත්වය හා කළමනාකාරීත්වය විසින් ඇන්ජලෝ මැතිව්ස්‌ව ඊළඟ පිතිකරු ලෙස පැමිණීමට ඉඩ සැලසීම හා මැතිව්ස්‌ තමා කණ්‌ඩායමේ උප නායකයා බව අල්ප මාත්‍රයකට මායිම් නොකර බාලාංශ පහරක්‌ එල්ල කිරීමට ගොස්‌ කඩුල්ල පූජා කිරීම(ඒ හේතුවෙන් තිසර පෙරේරා හා ජීවන් මෙන්ඩිස්‌ යන පිතිකරුවන් දෛනාට අනවශ්‍ය පීඩනයක්‌ ඇතිවී ලකුණු වේගය වැඩි කිරීමට යැමේදී නිරපරාදේ දුවද්දී දැවී යැම) සංගක්‌කාර දැවී ගිය පසු අපිට තිබූ පීඩනයෙන් ගැලවීමට අවශ්‍ය එකම අවශ්‍යතාවය වූයේ එකම එක්‌ පන්දුවාරයකට හතරේ පහරවල් 3 ක්‌ හෝ හයේ පහරවල් 2 ක්‌ පමණි. තිසර හෝ ජීවන් හරහා එම පීඩනය ඉතාමත්ම පහසුවෙන් මගහැරගැනීමට තිබිණි.

08. විශේෂයෙන්ම ලකුණු 138 යනු වඩාත් අවම හෝ උපරිම නොවන ලකුණු ප්‍රමාණයකි. මෙවන් අවස්‌ථා බොහොමයකදීම එවන් ලකුණු ප්‍රමාණයක්‌ ලබාගත් කණ්‌ඩායම් ජයග්‍රහණය කර ඇත. (උදා - පාකිස්‌තානය සමග පැවැති අවසන් පූර්ව තරගය) එමෙන්ම මෙම 20-20 තරගාවලියේදී එවන් අවස්‌ථා රැසක්‌ දැකගත හැකිවිය. මෙවන් තීරණාත්මක අවස්‌ථාවලදී පිතිකරු අනුපිළිවෙළේ වෙනසක්‌ ඇති කිරීම මගින් එවන් ලකුණු ප්‍රමාණයක්‌ කිසිදු පීඩනයකින් තොරව හඹා යා හැකි බව මාගේ පුද්ගලික හැඟීමයි. ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස නුවන් කුලසේකර හා ජීවන් මෙන්ඩිස්‌ පැමිණියේ නම් ප්‍රතිවාදීන්ගේ සියලු සැලසුම් ව්‍යර්ථ වන අතර සංගා හා මැතිව්ස්‌ ආරක්‍ෂක පිතිකරුවන් ලෙස පිතිකරණ අනුපිළිවෙළේ පසුපසට ගියේ නම් 2012 20-20 ලෝක ශූරයෝ අන් කිසිවකු නොව ශ්‍රී ලාංකිකයන් වන අපමය. නමුත් නායකත්වය, කළමනාකාරීත්වය හා පුහුණුකාරීත්වය මොනතරම් උසස්‌ තත්ත්වයක තිබුණද උපායශීලී කමක්‌ කිසිදු අවස්‌ථාවක අවසන් මහ තරගයේදී දක්‌නට නොලැබීම අවාසනාවන්ත තත්ත්වයක්‌ බව ඉතා කනගාටුවෙන් සඳහන් කරමි.

ජනක ගුණරත්න,

ශ්‍රී ඛෙත්තාරාමය බාරේ, වෙරළුප-රත්නපුර.

පළමු හේතුව කාසියේ වාසිය පරාජය වීමයි

මෙවර ටී-20 ලෝක කුසලාන දිනාගනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම පිළිබඳ සියලු බලාපොරොත්තු බිඳ වැටීමකි. ජය පරාජය ඕනෑම තරගයක පොදුය. නමුත් අවසන් මහ තරගය සඳහා ඉහළ දස්‌කම් දක්‌වා අවසාන මොහොතේ(පිට පිටම සිව් වතාවක්‌ ලෝක කුසලානයේදී අනුශූරයින් වීම) පරාජය වීම සුළුකොට තැකිය හැකිද?

පරාජය වූ පසු සියල්ලෝ නායකයාට දොස්‌ කියති. නමුදු නායකත්වය යනු රෝසමල් යහනාවක්‌ ලෙස පෙනුනද එය කටු ඔටුන්නකි. මහේල ජයවර්ධන සුපිරි නායකයෙකි. මේ පිළිබඳ කිසිදු විවාදයක්‌ නැත. එදා අවසන් මහ තරගයේදී අපට දැනෙන (ක්‍රීඩා ලෝලියෙකු ලෙස) අඩුපාඩු කිහිපයක්‌ මෙසේ සටහන් කරමු.

1. පළමුව කාසියේ වාසනාව අවාසනාවන්ත ලෙස ගිලිහී යැම.

2. ලසිත් මාලිංග අපේ සුපිරි පන්දු යවන්නා(20-20 විශේෂඥ) හොඳට රිදෙන්නට බැට කෑම

3. ඩිල්ෂාන්ගේ දැවී යැම(ශ්‍රී ලංකා පිලේ 20-20 සුපිරි පිතිකරු)

4. මහේල මුහුණ දුන් අධික පීඩනය

5. පිතිකරුවන් කලබල වීම හා ජයග්‍රාහී මානසිකත්වය ගිලිහී යැම.

6. ළහිරු තිරිමාන්න වෙනුවට දිනේෂ් චන්දිමාල්ව යොදා නොගැනීම(චන්දිමාල්ට තිරිමාන්නට වඩා තදින් පන්දුවට පහර දිය හැකිය)

කොදෙව් පිලේ ජවය පිටිය පුරා සැරි සැරීම හා අභියෝගයට මුහුණ දීමේ දැඩි ආත්ම විශ්වාසය.

කුමාර නයනජිත්

දොඩංගොඩ, මතුගම.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.