* මන්චි ග්ලුකෝෆිට්‌ සික්‌සස්‌ ක්‍රිකට්‌
20 වැනි අදියර ජයග්‍රහණය ඩීඑස්‌ සේනානායක විදුහලට

කොළඹ වෙස්‌ලි විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධානයෙන් සහ සිලෝන් බිස්‌කට්‌ (මන්චි) සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් වෙස්‌ලි විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මන්චි ග්ලුකෝෆිට්‌ සික්‌සස්‌ අන්තර් පාසල් සය සාමාජික ක්‍රිකට්‌ තරගාවලියේ 20 වැන්න ජයග්‍රහණය කිරීමට ඩී. එස්‌. සේනානායක විදුහල් කණ්‌ඩායම පෙර්දා (14 දා) සමත්විය.

අදාළ අවසන් මහා තරගයේදී ශාන්ත පීතර කණ්‌ඩායම පරදවා ලකුණු 11 ක ජයක්‌ ලැබීමට ඩී. එස්‌. සේනානායක කණ්‌ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඩී. එස්‌. සේනානායක විදුහල් කණ්‌ඩායම නියමිත පන්දු වාර 5 දී කඩුලු 2 ක්‌ දැවී ලකුණු 70 ක්‌ ලැබූ අතර පිළිතුරු ලෙස ශාන්ත පීතර කණ්‌ඩායමට පන්දුවාර 5 දී කඩුලු 3 ක්‌ දැවී රැස්‌කළ හැකිවූයේ ලකුණු 59 ක්‌ පමණි.

ඩී. එස්‌. සේනානායක විදුහල් ජයග්‍රහණය වෙනුවෙන් අවසන් මහා තරගයේදී බිනුර ප්‍රනාන්දු (36) සහ හරිත් මධුවන්ත (23) ගේ පිතිහරඹය තීරණාත්මක විය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමගින් පැවති මෙම තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී එක්‌ ලකුණක තියුණු ජයක්‌ වාර්තා කිරීමට ඩී. එස්‌. කණ්‌ඩායම සමත් වූ අතර අනෙක්‌ අවසන් පූර්ව තරගයේදී පානදුර රාජකීය විදුහල ලකුණු 11 කින් පැරදවීමට ශාන්ත පීතර විදුහල සමත් විය.

මෙවර තරගාවලියේ පෙරළිකාර තරග ජයග්‍රහණය දෙබරවැව මධ්‍ය මහා විදුහල් කණ්‌ඩායම විසින් වාර්තා කරනු ලැබුවේ ගියවර ශූරයන් වූ මහානාම විදුහල පරජයට පත් කරමිනි.

"මන්චි ග්ලුකෝෆිට්‌ සික්‌සර්ස්‌" මෙවර තරගාවලියේ දක්‌ෂතම පිතිකරු සහ අවසන් තරගයේ වීරයා ලෙසින් ඩී. එස්‌. සේනානායක විදුහලේ බිනුර ප්‍රනාන්දු ද තරගාවලියේ දක්‌ෂතම පන්දු රකින්නා ලෙසින් එම කණ්‌ඩායමේම දුලික බ්‍රහ්මණගේද සම්මාන ලැබූහ.

තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙසින් ගුරුකුල විද්‍යාලයේ රොෂාන් අනුරුද්ධ සම්මාන ලැබීය.

අවසන් මහ තරගයේ ලකුණු සටහන

ඩී. එස්‌. සේනානායක විදුහල පන්දුවාර 5 දී කඩුලු 2 ක්‌ දැවී ලකුණු 70 යි(බිනුර ප්‍රනාන්දු 36, හරිත් මධුවන්ත 23)

ශාන්ත පීතර විදුහල පන්දුවාර 5 දී කඩුලු 3 ක්‌ දැවී ලකුණු 59 යි(රශිත ලියනාරච්චි නොදැවී 16)

අවසන් පූර්ව තරග ප්‍රතිඵල

ඩී. එස්‌. සේනානායක විදුහල පන්දුවාර 3.4 කදී කඩුලු 3 ක්‌ දැවී ලකුණු 51 යි(එම්. සුප්‍රින් නොදැවී 20, එස්‌. දුලික 14)

රිච්මන්ඩ් විද්‍යාලය පන්දුවාර 4.5 කදී කඩුලු 5 ක්‌ දැවී ලකුණු 50 යි(ටී. හසිත 13)

ශාන්ත පීතර විදුහල පන්දුවාර 4.4 කදී කඩුලු 5 ක්‌ දැවී ලකුණු 65 යි(ලහිරු මලින්ත 24, ශජිත් ප්‍රනාන්දු 15)

පානදුර රාජකීය විදුහල - පන්දුවාර 5 දී කඩුලු 4 ක්‌ දැවී ලකුණු 54 යි(සී. හසන් 21)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.