නුවරඑළියේ ගොල්ෆ් වසන්තය 26 සිට 28 දා දක්‌වා

චමිල කරවිට

නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන දැවැන්තම ගොල්ෆ් ක්‍රීඩා තරගාවලිය වන ක්‌ලඕ චැම්පියන් ශූරතා ගොල්ෆ් තරගාවලිය මෙම මස 26 වැනිදා සිට 28 වැනිදා දක්‌වා නුවරඑළිය ගොල්µa ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වෙනු ඇත

තරගාවලියේ අනුග්‍රාහකත්වය සැපයීමට එටිසලාට්‌ සමාගම ඉදිරිපත්ව සිටින අතර ඒ පිළිබඳව වූ සහයෝගීතාවයකට දෙපාර්ශ්වය පසුගියදා කොළඹදී එළැඹිණි.

කාන්තා සහ පිරිමි අංශ 2 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට නුවරඑළිය ගොල්µa ක්‍රීඩා සමාජයේ සියලුම සාමාජික සාමාජිකාවන්ට හට විවෘත වනු ඇත. ඒ අනුව මෙවර තරගාවලියේදී තරගකරුවන් 100 කට අධික පිරිසක්‌ සහභාගිවනු ඇතැයි එම සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

මෙම තරගාවලියට සමගාමීව සිදුකරනු ලබන එලයිට්‌ ක්‌ලඕ කාර්තු දිනුම් ඇදීමද එම 27 වැනි දින නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේදී පැවැත්වේ. මෙම ක්‍රීඩා සමාජයට අනුග්‍රාහකත්වය සැපයීමට එටිසලාට්‌ සමාගම ඉදිරිපත්වීමත් සමග ශ්‍රී ලංකාවේ තිබෙන ගොල්ෆ් ක්‍රීඩා සමාජ 4 ටම අනුග්‍රාහකත්වය දක්‌වන ලද එකම සමාගම ලෙස එටිසලාට්‌ සමාගම ඉතිහාස ගත වනු ඇත. ඔවුන් මීට පෙර කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජය, වික්‌ටෝරියා ගොල්ෆ් ක්‍රීඩා සමාජය සහ ත්‍රිකුණාමල ඊගල්ස්‌ ලින්ක්‌ ගොල්ෆ්ක්‍රීඩා සමාජය යන ක්‍රීඩා සමාජ වලට අනුග්‍රහය දක්‌වා තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.