ඉස්‌ලාම් හමුදාවට එරෙහිව හඬ නැගීම නිසා
පාකිස්‌තාන පාසල් දැරියට වෙඩි තැබුවා
- තාලිබාන් ත්‍රස්‌ත සංවිධානය කියා සිටී

මලාලා යුසුප්යායි නැමැති පාකිස්‌තාන දැරියට වෙඩි තැබුවේ ඇය බටහිර රටවල ඔත්තුකාරියක්‌ කියා යයි පාකිස්‌තාන තාලිබාන් සංවිධානය කියා සිටී. ඉස්‌ලාම් හමුදාවන්ට එරෙහිව කටයුතු කරන අයව මරා දමන්න යයි ඉස්‌ලාම් ධර්මයේ තිබෙනවා. ඇය ඇමරිකානු ජනාධිපති ඔබාමාවත් ඇගයීමට ලක්‌ කලා යයි තාලිබාන් සංවිධානයේ නිවේදනයක දක්‌වා ඇත.

අධ්‍යාපන කටයුතු ගැන හඬ නැගීම ගැන අපි ඇයට වෙඩි තැබුවේ නැත. එහෙත් ඉස්‌ලාම් හමුදාවට එරෙහිව ඇය හඬ නැගුවා. ඉස්‌ලාම් ධර්මයට එරෙහිව හඩ නගන ළමයකු වුවත් මරන්න යයි ෂහරියා නීතියේ දැක්‌වෙනවා යයි එම නිවේදනයේ සඳහන් වී තිබේ.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.