|
|
|

බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන
පණිවුඩය
පූජ්‍ය මැඩිල්ලේ පඤ්ලෝක හිමි
බංගලිදේශයෙන්
අපිට ගෙන්වා ගත හැකි දේ බොහෝය. කෙසේ වුවත් මේ ඉදිරිපත් කරන්නට
යන දේ නම් ගෙන්වා ගත නොහැකිය. නමුත් අවබෝධ කර ගන්නට පුළුවනි. ඒ
හරහා වැටී සිටින මුලාවකින් පාඨකයාට මිදෙන්නට හැකියාවක් ලැබේ.
ඉන් මතු අත්වන්නට නියමිත ව්‍යසනයකින් මිදෙන්නට අවස්ථාවක්
පෑදෙනු නොඅනුමානය. මෙම ලිපියෙහි එකම අරමුණ පාඨකයාට ඒ වැටී
සිටින මිථ්‍යාව තේරුම් කර දෙන්නට උත්සාහයක් දැරීම පමණි.
මෙම ලිපියට පදනම්වන කරුණු මතු වන්නේ ලියුම්කරු සහ බංගලිදේශයේ
ප්‍රාදේශීය බෞද්ධ සමිතියක නායකයෙකු (අපි ඔහුව චවුද්රී ලෙස
හඳුන්වමු) සමඟ හුවමාරු වූ අවසන් විද්‍යුත් ලිපි පණිවුඩයයි.
ලියුම්කරු චවුද්රීගෙ මතය එකහෙලාම පිළිගන්නවාද නැතිද යන කාරණය
ලිපියේ අග දක්වා කියවීමෙන් පාඨකයාට මනාව තීරණය කළ හැකි වෙයි.
පාඨක ස්වයං අවබෝධය වඩා ප්‍රබල හා උසස් චෛතසිකයක් බැවින්
චවුද්රීව පිළිගැනීම හෝ නොගැනීම පාඨකයා තුළින්ම මතු විය
යුත්තේය.
ඔහුගේ විද්‍යුත් පණිවුඩයේ එක ඡේදයක් ආරම්භ වන්නේ මේ අයුරිනි.
We have Srilankan community here.You will be happy to learn
that Buddhists of Bangladesh gifted Ashes of Lord Buddha to
Your country's president few years agoas a symbol of
friendship .Srilankan community has also helped todecorate
Bodhi tree in a pagoda in dhakacity
තේරුම - මෙහෙ ලංකාවේ අය ඉන්නවා. ඔබට සන්තෝෂ හිතේවි දැනගත්තම
බෙංගලි බෞද්ධයො බුදු හාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා ඔබේ රටේ
ජනාධිපතිට මිත්‍රත්වය වෙනුවෙන් තෑගි කළා කියලා. ලංකාවේ අය
ගොඩක් උදව් කරල තියෙනවා ඩකා නගරයේ පන්සලේ බෝධින් වහන්සේ
සරසන්නටත්.
ඉහත ඉංග්‍රීසි පණිවුඩය ලියා ඇත්තේ බෞද්ධයෙක් බවට සැක නැති බව
පාඨක ඔබට වැටහෙනු නොඅනුමානය. බංග්ලාදේශයේ අබෞද්ධයකු බුදු දහම
ගැන මෙපමණ කරුණු ඉදිරිපත් කරමින් මේ අයුරින් ලියන්නට ඇති
සම්භාවිතාව බින්දුව විය හැක.
තවත් ඡේදයක් පහතින් දැක්වේ.
Here the attacks on Buddhists was held by allied government
and other political parties. Muslims were angry on us about
Rohingya's issue on Myanmar . So they created an issue and
vandalized our century old pagodas. I do not think that we
will get any fair legal help from government . If Myanmar
atttacks on Rohigya's again we will be victim again
තේරුම - බෙංගලි බෞද්ධයින්ට පහර දුන්නෙ ආණ්ඩුවේ හවුල්කරුවන් සහ
තවත් දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් මියන්මාරයේ රොහින්ගියා ගැටුම
නිසා බෙංගලි මුස්ලිමුන් බෞද්ධ අපි ගැන දැඩි වෛරයකින් පසුවුණා.
මේ නිසාම සුළුÊ කාරණයක් නිර්මාණය කරගෙන සියවස් ගණනක් පැරණි
පන්සල් මොවුන් විනාශ කර දැම්මා. බෙංගලි ආණ්ඩුවෙන් මේ
සම්බන්ධයෙන් සාධාරණ නෛතික සහයක් ලැබේද කියල හිතන්නත් බෑ. තව
පාරක් මියන්මාරයේ රොහින්ගියා ප්රශ්නය මතු වුණොත් අපි ආයෙත්
බිල්ලට අහුවෙනවා සැකයක් නෑ.
අළු යට තිබූ ගිනි පුපුරු මොනවා දැයි දැන් ඉතාම පැහැදිලිය.
බංග්ලාදේශයේ පන්සල් 10 කට හෝ ඊට වඩා ප්‍රමාණයක් වනසන්නටත්
බෞද්ධ නිවාස ගණනාවක් අළු කර දමන්නටත් මුල් වූ කාරණය දැන් ඉතාම
ප්රත්යක්ෂ වෙයි. නැත්නම් මාධ්‍යයෙන් කියනා පරිදි බාගෙට
පිළිස්සුනු කුරාණයක පින්තූරයකට බෞද්ධයෙකු ටැග් වීම ( එනම්
පින්තූරයට නම වැටීම) තරම් ක්ෂුද්‍ර කරුණක් මෙපමණ වැනසීමකට
මුල් වේ දැයි සිතීම පවා අතිශයින්ම විහිලුවකි. එබැවින් මේ
බංග්ලාදේශයේ බෞද්ධයින්ව සංහාරය කරන්නට මුල් වූයේ ඉහත කී කරුණු
දෙකෙන් කුමක් නිසා දැයි තීරණය කිරීම ලියුම්කරු විසින් පාඨක
ඔබට කරයි.
විද්‍යුත් පණිවුඩයේ තවත් වැදගත් ඡේදයක් පහත දැක්වේ.
If Muslims are majorities in a country they treat other
religion's people in their country as a second class people
It is very pathetic that they build mosque near our Buddhist
pagoda . One they they will grab the land we will be
landless people in our country . I do not find any
difference between educated and illiterate Muslims .They are
all same . Even news media remain silent when it comes
attack on minority
තේරුම - මුස්ලිමුන් රටක බහුතරයක් නම් ඔවුන් රටේ මුස්ලිම්
නොවන අයට සලකන්නේ දෙවැනි පන්තියේ අයට වගේ. ඔවුන් අපේ බෞද්ධ
විහාරයක් ආසන්නයේම මුස්ලිම් පල්ලියක් හදපු එකට හරිම
කණගාටුයි. මොකද ටිකෙන් ටික මොවුන් ඉඩම් අල්ලාගෙන පන්සලත්
අල්ලාගෙන යන නිසා අනාගතයේදී බෞද්ධ අපි රටේ ඉඩම් නැති මිනිස්සු
බවට පත්වේවි. උගත් සහ නූගත් මුස්ලිමුන් අතරෙ කිසිම වෙනසක් මම
දකින්නෙ නෑ. ඔක්කොම එකයි. මාධ්‍යයත් බෞද්ධ සුළුතරයට එල්ල වෙන
ප්‍රහාර ගැන එක ප්‍රචාරයක්වත් නෑ.
චවුද්රී පවසන්නේ බොරුවක් නොවන බව ඉතාම ප්රත්යක්ෂ නොවේද ?
මැදපෙරදිග සේවයට යන සිංහල කාන්තාවන්ට අත්වන ඉරණම සහ එහි සේවය
කරනා අයගේ අත්දැකීම් සැලකූ විට චවුද්රීගේ ප්‍රකාශය අරුමයක්
නොවන්නේය. තවද ක්‍රිස්තියානින්ට හින්දුන්ට නැති පුදුමාකාර
අන්දමේ පන්සල් ළඟින්ම පල්ලි ගැසීමේ අමාරුවක් මුස්ලිමුන්ට ඇත.
පොතුවිල් මුහුදු මහා විහාරය, කිරින්ද රජ මහා විහාරය, කූරගල
සෙනසුන, රංගිරි දඹුලු විහාරය සහ මහමෙවුනා පුදබිම් මීට මනා
උදාහරණ වේ. බිම් මට්ටමේ ශ්‍රී ලංකාවේ යථාර්ථය සහ චවුද්රී
පවසන පරිදි බංග්ලාදේශයේ බෞද්ධයින් මුහුණ දෙන යථාර්ථය මනාව
අංගසමව සමපාත වී තිබේ. ඉඩම් සම්බන්ධයෙන්ද සැලකූ විටද වෙනසක්
නැත. බෞද්ධ පුදබිම්වල කර ඇති ආක්‍රමණයන් බැලු විට චවුද්රිගේ
එම ප්‍රකාශයේත් සැක නැති වී යයි.
පණිවුඩයේ ඊළඟට තිබූ තවත් ඡේදයක් පහතින් දැක්වේ.
I try to respect all religions . after seeing broken pieces
of Lord buddha , I felt that my mind also broken with Broken
Buddha statue When Islam is a minority in a country it calls
for harmonious relationship with other religions . But when
Muslims become majority they try to wipe out other
religions.
තේරුම - මම උත්සාහ කළා හැම ආගමකටම ගරු කරන්න. නමුත් බුද්ධ
ප්‍රතිමා වහන්සේගෙ කැඩුන කෑලි දැක්කම මට දැනෙන්නේ මගෙ හිතත්
කෑලිවලට කැඩිලා ගිහින් කියලයි. ඉස්ලාමය රටේ සුළුතරයක් වෙලා
තියෙද්දී එයාල කතා කළේ අනික් ආගම් එක්ක සහජීවනවාදී
සම්බන්ධතාවන් පවත්වන්නයි. එහෙම වුනාට මුස්ලිම් අය රටේ බහුතරය
වුනාට පස්සෙ ඉස්ලාම් හැර අනික් ආගම් හැම එකක්ම නැති කරවන්න
තමයි හැම උත්සාහයක්ම දරන්නේ.
බෞද්ධ පුදබිම් ආක්‍රමණය කරද්දී මුනිවත රැක්කත් ලංකාවෙ
මුස්ලිමුන් බුදුදහම ප්රමුඛ රටේ ඇති අනික් ආගම් සමඟ
පුදුමාකාර අයුරින් සහජීවනයෙන් වෙසෙන්නට සියලු වෙර දරයි. පන්සලේ
නෝම්බි ඇරීම මීට හොඳම උදාහරණයකි. තවද අවුරුදු උත්සව, ප්‍රසිද්ධ
පන්සල්වලට දක්වන ආධාර සහ දන්සැල් පැවැත්වීම මඟින් ද මෙය මනාව
තහවුරු වෙයි. ඒ මුස්ලිම් සුළුතරයක් වෙසෙන ප්රදේශවලය. නමුත්
ඔවුන් බහුතරයක් වෙසෙන නැගෙනහිර මෙය හාත්පසින්ම වෙනස්ය. එහි
පන්සල් වලට ආධාර දෙනවා වෙනුවට එය සතු ඉඩම් සියල්ලම පාහේ
අල්ලාගෙන ඇත. යම් චෛත්‍යයන් ඩෝසර් කර බිමට සමතලා කර ඇත.
පුරාවස්තු වලට ඇසිඩ් වත්කර විනාශ කර ඇත.
මේ අනුව බැලු විට චවුද්රී පවසන පරිදි බංග්ලාදේශයේ මුස්ලිමුන්
සුළුතරයක් වී සිටියදී තිබූ වාතාවරණය ලංකාඟෙ මුස්ලිමුන්
සුළුතරයක් වෙසෙන ප්‍රදේශවල පවතින වාතාවරණයට සමාන වෙයි. තවද
මුස්ලිමුන් බහුතරයක් වූ විට බංග්ලාදේශ බෞද්ධයින් මුහුණ පෑ
තත්ත්වය මුස්ලිමුන් ලංකාවේ බහුතරයක් වෙසෙන නැගෙනහිර තත්ත්වයට
ඉතාම සමීප බවක් පෙනේ. එය එසේ නම් ලංකාවේ බහුතරය මුස්ලිමුන්
වූ විට තත්ත්වය කුමක් වේ දැයි සිතා ගැනීම පාඨක ඔබට බාර කෙරේ.
විද්‍යුත් පණිවුඩයේ අවසාන ඡේද කිහිපයකට පෙර තිබූ කොටසක්.
Here in Chittagong Hill tracts majority of the indigenious
people are Buddhists.They were majority in there till 1977's
. But govt allowed muslim settlers to build house there in
by violating agreement in 1978. now muslims are becoming
majority there and administrations with the help with army
and other law enforcing agencies are protecting muslim
settlersf;areu
තේරුම - චිතගොන් කඳුකරය වන මේ ප්‍රදේශයේ අනාදිමත් කාලයක ඉඳන්
ජීවත් වෙන ජනතාව බෞද්ධයෝ. 1977 වෙනකල් 100%ක්ම හිටියෙ
බෞද්ධයොයි. නමුත් ආණ්ඩුව 1978 ගිවිසුම උල්ලංඝනය කරලා
මුස්ලිම් ජනාවාස මේ ප්‍රදේශයෙ හදල දුන්නා. දැන් මේ
ප්‍රදේශයේත් මුස්ලිම් අය බහුතරයක් වෙමින් ඉන්නවා. රාජ්‍ය
නිලධරීන්, හමුදාවේ සහ පොලීසියේ සහය ඇතුව තව තවත් රැකිලා
ඉන්නවා.
වර්තමානයේ ලංකාවේ මුස්ලිමුන් බහුතරයක් වෙසෙන ප්‍රදේශවලින්
බොහොමයක් 1970 දශකයේදී සිංහල බහුතරයක් ජීවත්වූ ප්‍රදේශ වෙති.
විශේෂයෙන් නැගෙනහිර පළාතේ සහ අනෙක් බොහෝ තදාසන්න ප්‍රදේශ මීට
කදිම උදාහරණ වශයෙන් ඉදිරිපත් කළ හැක. අපේ බෙංගලි සහෝදර
බෞද්ධයින් මුහුණපාන මේ උග්‍ර ආක්‍රමණය අපේ රටෙත් ක්‍රියාත්මක
වෙන බවට දැන් කිසිදු සැකයක් නැත. වෙනසකට ඇත්තේ ශ්‍රී ලාංකික
බෞද්ධයෝ තවමත් බහුතරයක් වීමත් බෙංගලි බෞද්ධයින් එරටේ
සුළුතරයක් වීම පමණි.
මේ ලිපිය කියවන සමහරකට ඉදිරිපත් කර ඇති විද්‍යුත් ලිපියේ කොටස්
කෘතිම ඒවාදෝ කියා සැක මතු විය හැක. මන්ද වර්තමානයේ ප්රවෘත්ති
නිර්මාණය කිරීමත් එක්තරා අයුරක කලාවක් වී ඇති නිසාය. එය
සාධාරණ අදහසකි. නමුත් චවුද්රී විද්‍යුත් ලිපියෙන් ඉදිරිපත්
ආකාරයෙන්ම ලංකාවේත් මේ ආක්‍රමණය ක්‍රියාත්මක වේ නම්,
චවුද්රීලා සුළුතරයක් වීමට හේතුපාදක වූ කරුණු ඒ අයුරින්ම
සමමිතිකවී ලංකාවේත් පවතියි නම් විද්‍යුත් ලිපියේ කොටස් කෘතිම
වීමෙන් ඇති අරුත කුමක්ද විමසිය යුතුය. චවුද්රී පවසන දෑ කෘතීම
වේ නම් කිසිසේත්ම බෙංගලි බෞද්ධයින් සුළුතර මුහුණපාන තර්ජනයත්
ලාංකීය බෞද්ධයින් මුහුණපාන තර්ජනයත් ඉහත ගෙන ආ කරුණු ප්‍රකාරව
අංගසමව සමපාත විය නොහැක. එබැවින් දිගින් දිගටම යමෙක් චවුද්රී
කියන්නේ බොරුවක් කියා පාරම් බායි නම් ඔහුගේ විඤ්Æණය පරික්ෂා
කර බැලිය යුතුය.
එබැවින් චවුද්රී තම විද්‍යුත් පණිවුඩයෙන් ඉදිරිපත් කරන්නේ හෘද
සාක්ෂියම බවට දැන් කිසිදු විවාදයක් නැත. එනිසාම පහතින්
ඉදිරිපත් කෙරෙන චවුද්රියේ විද්‍යුත් පණිවුඩයේ වැදගත්ම ඡේද
කිහිපය සලකමු.
I think this will help u to know about our past and present
situation on Buddhist i have already commented this in a
page I want to share about our Bangladeshi Buddhist history
a little and present situation with you . Once Buddhists was
the majority in Bangladesh
තේරුම - මම හිතනවා මේ කරුණු උදව් කරාවි ඔබට දැනගන්න බෙංගාලි
බෞද්ධයන්ගේ අතීත සහ වර්තමාන තත්ත්වය ගැන. මේ ගැන කලිනුත් මම
ලියල ඇති. ඒ ටික ඔබට බෙදාදෙන්න වුවමනායි. මොකද අතීතයේදී
බංගලිදේශයේ බහුතරය වුණේ බෙංගලි බෞද්ධයෝ.
When Muslims are majority in a country they can not TOLERATE
other minority groups like Hindu's as well as Indigenous
Buddhist people in Hill tracts in Bangladesh ...But when
they are minority in other countries they demand religious
harmony ???. Bangladeshi Buddhists ruled major parts of
Bangladesh about 400 years through “PAAL Dynasty” nearly one
thousand year ago .They were secular in nature. They did not
commit any communal violence.But those are all history now .
People do not remember them . People keep in mind majority's
history, minority's history is now fading frown Muslims came
to Bengal in the Year 1208. And they forcefully converted
many Hindus as well as Buddhists . I felt disheartened when
I see mosque was built in the area of Paharpur Pagoda ( a
thousand year old pagoda, it is also an archeological site
declared by UNESCO,It was built by PAAL Dynasty ) in Bogra
district of Bangladesh . But we can not do anything.People
are stealing Paharpur Buddhist Pagoda bricks to build their
own house. I realize that people do not see equally the
world as you will see.
තේරුම - මුස්ලිමුන් බංගලිදේශයෙ බහුතරයක් වුණාට පස්සෙ එයාලට
හින්දුවරු සහ කඳුකරයේ ස්වදේශික බෞද්ධ කණ්ඩායම් දකිද්දී
ඉවසන්න බෑ. නමුත් මුස්ලිම් අය සුළුතරයක් වෙලා බංගලිදේශයෙ
ඉන්නකොට ආගමික සහජීවනයක් ඉල්ලනවා ¾ (zකොහොමද හොරේZ යන්න
ප්‍රශ්නාර්ථ ලකුණු තුනෙහි තේරුම විය හැක) බෙංගලි බෞද්ධයෝ පාල්
පෙලපත හරහා බංග්ලාදේශයේ වැඩි ප්‍රදේශයක් සියවස් හතරක්
තිස්සේ පාලනය කළා. එයාලා ආගම් වලට විශේෂයක් දැක්වූයේ නෑ.
එයාලා අන්‍යාගමික කණ්ඩායම් වලට හිරිහැර කළේ නෑ. ඒවා ඔක්කොම
ඉතිහාසේ වැළලිලා, මිනිස්සුන්ට මතක නෑ. නමුත් මිනිස්සු බෙංගලි
බෞද්ධ බහුතරයේ ඉතිහාසය මතක තියාගෙන ඉන්නවා. මුස්ලිමුන්
බංගලිදේශයට ආවෙ ක්‍රිස්තු වර්ෂ 1208 දී. එයාලා බලෙන් හින්දු
අය සහ බෞද්ධයො ගොඩක් මුස්ලිම් කෙරෙව්වා.
අවුරුදු දාහකටත් වඩා පරණ යුනෙස්කෝවෙන් ලෝක උරුමයක් කියල නම්
කරපු බොග්රා දිස්ත්‍රික්කයේ පහර්පූර් ප්‍රදේශයේ පන්සලක ඉඩමක
හදපු මුස්ලිම් පල්ලිය දකින කොට අවුරුදු දහස් ගාණක උරුමයක්
නේද මේ වනසන්නේ විකෘති කරන්නේ කියලා වැටහෙනකොට හදවත කකියනවා.
අපිට මොකුත් කරන්න බෑ. ඒ පැත්තෙ අය පහර්පූර් චෛත්‍යයෙ ගඩොල්
හොරකම් කරලා තමන්ගෙ ගෙවල් හදා ගන්නවා. එයාල කවුද කියල
අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නෙ නෑනෙ. මිනිස්සු ලෝකේ
සමානාත්වය දකින්නෙ නෑ කියල මට වැටහෙනවා මේ කරුණු වලින්.
Actually ... no one can save us from brutality of Muslims .
Because here educated and uneducated muslims behave in
similar way.
තේරුම - ඇත්තටම මුස්ලිමුන්ගේ ප්රචන්ඩ ආක්‍රමණයෙන් අපිව බේර
ගන්න දැන් කාටවත් බෑ. මොකද උගත් සහ නූගත් කියන මුස්ලිම්
දෙවර්ගයම හැසිරෙන්නෙ එකම විදියට නිසා.
චවුද්රී ප්රමුඛ බෙංගලි බෞද්ධයින්ට අත්වී ඇති ඉරණම කෙතරම්දැයි
කියා පාඨකයාට තීරණය කිරීමට තවත් අටුවා ටිකා අවශ්‍ය වන්නේ නැත.
අවශ්‍ය වන්නේ ළිං මැඩියෙකුට පමණි. ඔහු ඔහුගේ දුක වේදනාව මෙපමණ
අවදානමක් ගනිමින් (විද්‍යුත් පණිවුඩයේ තාක්ෂණික මූලාශ්‍ර සෙවූ
පසු ඔහුගේ ජීවිතය පවා අනතුරට ලක්විය හැක) ලියුම්කරුට ප්‍රකාශ
කරන්නේ එකම ෙච්තනාවෙනි. ඒ නම් යම් දිනක ශ්‍රී ලංකාවේ බෞද්ධයින්
සුළුතරයක් වූ විට චවුද්රීට සිදූවූ පරිද්දෙන්ම ශ්‍රී ලාංකීය
බෞද්ධ අපටත් නිහඬ වීමට වෙයිදෝ නොවෙයිදෝ කියන ගැටලුවට වහා
පිළිතුරු සොයන්න කියා ලයාන්විතව බැගෑපත් වීමයි. බංගලිදේශයෙන්
මේ මොහොතේ ලංකාවට ලැබුණු වටිනාම දෙය මෙය විය යුතුය බව
ලියුම්කරුගේ ස්වාධීන මතයයි.
|
|
|
|