බෙහෙත් මිල නගීථ රෝගීහු අමාරුවේ

ඒමන්ති මාරඹේ

දිවයින පුරා රජයේ හා පෞද්ගලික ඔසුසල්වල අලෙවි කරනු ලබන බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍යවල මිල ගණන් නිරතුරුව ඉහළ යැම හේතුවෙන් රෝගීහු විශාල පිරිසක්‌ දැඩි අසීරුතාවකට පත්ව සිටිති. සාමාන්‍ය උණට ලබා දෙන පැරසිටමෝල් පෙත්තේ සිට දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල්, හෘද/ශ්වසන/ මානසික රෝග  ඇතුළු රෝගාබාධයන් ගණනාවකට නිර්දේශ කරනු ලබන බෙහෙත් වර්ග මෙන්ම විටමින් වර්ග හා ශල්‍ය ද්‍රව්‍යවල මිල ගණන් මෙසේ හිටි හැටියේ ඉහළ යන බව රෝගීහු පවසති. මෙම බොහෝ බෙහෙත් වර්ග රජයේ රෝහල්වල නොමැති අවස්‌ථාවලදී වෛද්‍යවරුන් ඒවා පිටතින් මිලදී ගන්නා ලෙස රෝගීන්ට නිර්දේශ කරති. එසේ වුවද ඒවා අධික මිල ගණන්වලින් යුතුවීම නිසා බොහෝ රෝගීන් ඒවා මිලදී ගැනීමෙන් වැළකී සිටින බව අනාවරණය වී ඇතැයි රජයේ රෝහල් වෛද්‍යවරු සඳහන් කරති.

මෙම ඇතැම් බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග සතියෙන් සතිය ද තවත් වර්ග සති දෙකෙන් දෙකට හෝ මසකට වරක්‌ මිල ඉහළ යන බව අනාවරණය වී තිබේ. සෙසු පාරිභෝගික භාණ්‌ඩ ඉහළ යැමට සාපේක්‍ෂව බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍යවල මිල වර්ගද මෙසේ ඉහළ යන බවත් ආර්ථික දුෂ්කරතා මත එම අධික මිල බෙහෙත් මිලදී ගැනීමෙන් වැළකී සිටින රෝගීන්ගේ රෝගාබාධ වර්ධනය වීමේ අවදානමක්‌ පවතින බවත් වෛද්‍යවරු කියා සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.