2012 ඔක්තෝබර් 24 බදාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster

    ඊයේ කොළඹදී  කොළඹ රාජකීය සහ
    තර්ස්‌ටන් සිසුහු ගැටෙති

මෙහිදී තුවාල ලැබූ ශිෂ්‍යයෝ වැඩි දෙනකු කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුහු වෙති. තුවාල ලැබූවන්ගෙන් දෙදෙනකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර සෙසු ශිෂ්‍යයන් බාහිර ප්‍රතිකාර ලබා පිටව ගොස්‌ ඇත.


සපුගස්‌කන්දේ වැඩ නතර වීමෙන් දිනක පාඩුව කෝටි 5 1/2 පනී

සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොර තෙල් ආනයනය පමා වී එහි කටයුතු නතර වීමෙන් දිනකට ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට දැරීමට සිදු වන පාඩුව රුපියල් කෝටි පහමාරද ඉක්‌මවා යනු ඇතැයි තෙල් සංස්‌ථාව ගණන් බලා තිබේ.

කොමිස්‌ ජාවාරමක්‌ නිසා
සපුගස්‌කන්ද වැසීමට සිදු වුණා
- ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්

සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවන බවට තමන් මීට මාසයකට පෙර ආණ්‌ඩුව දැනුවත් කළ බවත්, වගකිව යුතු ඇමැතිවරයා එය ප්‍රතික්‍ෂේප කළ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.


බාල පෙට්‍රල් ආනයනය
හිටපු තෙල් ලොක්‌කන් දෙදෙනකුට නඩු

බාල පෙට්‍රල් ගෙන්වීමේ සිද්ධියට අදාළව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාට හා කළමනාකාරවරයාට එරෙහිව අල්ලස්‌ කොමිසම ඊයේ (23) නඩු පැවරීය.

අර්බුදයට හේතුව පාලනය කළ නොහැකි කරුණු
- තෙල් සංස්‌ථාව කියයි

ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව පනවා ඇති අපනයන තහංචි ඇතුළු ආර්ථික සම්බාධක හේතුවෙන් සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොර තෙල් ආනයනය ප්‍රමාදයට ලක්‌ව ඇත.

අයවැය නොවැම්බර්
08 වැනිදා

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් 2013 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය ලබන 08 වැනිදා පස්‌වරු 1.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයකුට තරග පාවාදීමේ
චෝදනා එල්ල නොවීම ආඩම්බරයට කරුණක්‌

- ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

ක්‍රිකට්‌ තරග පාවා දෙන්නන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීම සඳහා වන පනතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ක්‍රීඩා ඇමැතිවරයා පැවැසුවේය.

ළිං බද්දක්‌ නෑ

ජනතාවාදී රජයක්‌ ලෙස මෙවැනි තීරණයක්‌ ගෙන නැතැයි කී දිනේෂ් ගුණ වර්ධන මහතා මේ පිළිබඳව ඇමැති මණ්‌ඩලය වෙත යෝජනාවක්‌ ඉදිරිපත් කර නැතැයි ද පැවසුවේය.


ලෙබනන්හි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හදිසි සැලසුමක්‌

ලෙබනනයේ පවතින තත්ත්වය තවදුරටත් අයහපත් වුවහොත් එරට වෙසෙන 80,000 ක්‌ වූ ශ්‍රී ලාංකික යන් ඉවත්කරගෙන යැමේ....

ජාතික පාසල්වලට විදුහල් පතිවරුන් පත් කිරීමේ
රාජ්‍ය සේවා කොමිසමේ බලය අමාත්‍යාංශය ගනී

පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන තෙක්‌ ජාතික පාසල් 92 ක දැන් පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශය විසින් නතර කරනු ලැබ ඇත.

රම්බොඩ වත්තේ ඝාතනය
එකම පවුලේ මව, පියා සහ පුතා පෝරකයට

මාරි ගොවින්දසාමි (54) ඔහුගේ බිරිඳ වෛත්‍යලිංගම් ඉන්ද්‍රානි (49) සහ ඔවුන්ගේ පුත්‍ර ගොවින්දසාමි ප්‍රභූ (19) යන තිදෙනාට මෙලෙස මරණීය දණ්‌ඩනය නියම විය.

තවලම සහ නෙළුවේ නිවාස
දෙකක්‌ මතට පස්‌ කඳු කඩා වැටේ

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගිංගඟ උතුරා යැමෙන් උඩුගම, නාගොඩ, හිනිදුම ආදී ප්‍රදේශවල පහත්බිම් රැසක්‌ ජලයෙන් යට වී තිබිණි.


හිටපු හමුදාපති ඝාතනයට තැත් කළ බෝම්බකාරියට රැකවරණ දුන් සූරියකුමාර් වසර 35 ක්‌ හිරේ

ඉතාම කෙටි කාලයක්‌ තුළදී රහස්‌ පොලිසියේ නිලධාරීහු සූක්‍ෂම ලෙස කළ පරීක්‍ෂණවලදී මෙම සිද්ධියේ සුලමුල හෙළිකර ගෙන ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළහ.

ජනපති ඩුබායි ගිය යානයේ තිබුණේ සුළු දෝෂයක්‌

යානයේ තිබී ඇත්තේ වායුසමීකරණ යක සුළු දෝෂයක්‌ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇත.

උතුරුමැද පළාත් සභා කාරක සභාවලින්
එජාපය ඉවත් වෙයි

උතුරු මැද පළාත් සභාවේ පළාත් අරමුදල් පිළිබඳ ගිණුම් කාරක සභාව සහ මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති තනතුරු විපක්‍ෂයට ලබා නොදීමට විරෝධය පළකරමින්...

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ අද පැය 2 ක්‌ වර්ජනයේ

වර්ජනයෙන් අනතුරුව දහවල් 12 ට පමණ පරිපූරක වෛද්‍ය වෘත්තික යෝ දහසක්‌ පමණ දෙනා කොළඹ ජාතික රෝහලේ සිට පා ගමනින් ගොස්‌....

ඔස්‌ටේ්‍රලියාවට පනිද්දී ඇල්ලූ 35 ක්‌ රිමාන්ඩ්

මෙම සියලු දෙනා ගන්දර සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචි සිංහල තරුණයෝ වෙති.

මානව හිමිකම් සමාලෝචන සමුළුවට ශ්‍රී ලංකාවට එරෙහි වාර්තා 46 ක්‌

මෙලෙස යොමු කර ඇති කරුණු අතර උතුරේ හමුදා කඳවුරු පවත්වාගෙන යැම, අලුතින් හමුදා කඳවුරු ඉදිකිරීම, රාජ්‍ය නොවන සංවිධානවලට ඕනෑම තැනකට යැමට ඉඩ නොදීම,....

දිවි නැඟුම කෙටුම්පත විභාගය අවසන්
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය 30 වැනිදා දැනුම් දෙයි

ලබන 30 දාට සිය තීරණය ප්‍රකාශයට පත්කළ යුතුව ඇතැයි අගවිනිසුරු වරිය සඳහන් කළාය.

ගොවීන් අගාධයට දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වෙනවා
- සජිත් ප්‍රේමදාස

වත්මන් රජය බහුජාතික සමාගම් සමග එක්‌ව මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් සිටින බවට සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.

විගණන අධිකාරි අඹන්වලට ඇසිඩ් ගැසීමේ නඩුවේ තීන්දුව අද

ලලිත් අඹන්වල මහතාට 2002 මැයි මස 20 වැනි දින ඇසිඩ් ගසා මිනී මැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී...

වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර මාස දාහතරක්‌ තිස්‌සේ පුරප්පාඩු වෙලා

වනජීවී දෙපාර්තමේන්තුවේ පරිපාලනය මේ වන විට ඉතා බරපතළ ලෙස කඩාවැටී ඇතැයිද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ඩොල්ෆින් සහ තල්මසුන් ඇතුළු මුහුදු ක්‍ෂීරපායින් සංරක්‍ෂණයට රෙගුලාසි මාලාවක්‌
- ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන

තල්මසුන්, ඩොල්ෆින් නරඹද්දී අවිධිමත් නුසුදුසු බෝට්‌ටු සතුන්ට හානිවන ලෙස යොදා ගන්නවා. මීටර් සියයකට ඔබ්බෙන් සිට තල්මසුන් නැරඹිය යුතුයි. ඩොල්ෆින් අසල බෝට්‌ටු ගැවසීම නොකළ යුතුයි.

පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවූ එජාප මන්ත්‍රීන්ට
පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීමත් තහනම්

පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු කාරක සභා ශාලාවේ පැවැත් වුවද ඊයේ (23 වැනිදා) එය සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී කැඳවා තිබිණි.

දිවි නැඟුම පනත් කෙටුම්පතට ඇතුළත් සියලු
රෙගුලාසි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලයි

සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දක්‌වමින් සඳහන් කළේ පනත් කෙටුම්පතට ඇතුළත් සියලුම රෙගුලාසි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූල බවයි.

වර්ණ ගැන්වූ රතු කැකුළු ටොන් 2 1/2 ක්‌ ප්‍රවාහනය කළ මුදලාලිට රු. තුන්දහසක්‌ දඩ
මෙහි චූදිතයා වූයේ මඩකලපුව එරාවුර්හි පදිංචි අබ්දුල් ජබ්බාර් අස්‌වර් පවුසි නමැති ව්‍යාපාරිකයායි.

සිංහපාදයේ බැම්මට අකුණු සර වදී

සීගිරිය ප්‍රදේශයට ඊයේ (23) ඇදහැලුන ධාරාණිපාත වර්ෂාවත් සමග සිදුවූ අකුණු පහරකින් සීගිරිය සිංහ පාදයේ දකුණු බැම් මේ ඉහල කොටසේ පැතිබැම්මට හානි සිදුව ඇත. මෙම අකුණු සර නිසා සිංහ පාදයට කිසිදු හානියක්‌ සිදුව නැති අතර එහි පිළිසකර කිරිම් සිදුකරන බව සීගිරිය ව්‍යා පෘති කළමනාකාර චන්දන වීර සේන මහතා දිවයිනට පැවසීය.
සීගිරිය - සරත් එරමිණිගම්මන සහ දඹුල්ල දසනායක


ලෝකාන්තයට පනින්න පෙර සිතා බලන්න

පසුගිය දිනක පැන්න කාන් තාවගේ මෘත ශරීරය ගෙන ඒමට රුපියල් අසුදහසක්‌ පමණ ඔවුන් ඉල්ලා සිටියා. මෙහිදී ඥතීන් අත එතරම් මුදලක්‌ නොතිබූ හෙයින....


දුක්‌ සැප කුමන්දා

පුදබිම වෙත පැමිණ සිටි ආබාධිත තරුණි යකගෙන් ෆොන්සේකා මහතා සුවදුක්‌ විමසන අයුරු දැක්‌වේ.


මත්වෙන ටොෆියකින් අකුරැස්‌ස කැළඹේ

ටොෆි වර්ගය ලබාගන්නා පුද්ගලයන් විකාර කරන අතර ඇතැමුන් ප්‍රචණ්‌ඩව හැසිරෙන අතර තවත් සමහ රක්‌ අයවලුන් බලාගත් අතේ බලාගෙන සිටී.

දකුණු මුහුදේ සුන්දරත්වය විකුණා සමාගම් මුදල් උපයති

දකුණු මුහුදේ තල්මසුන්, ඩොල්ෆින් මසුන් නරඹන පැකේජ ක්‍රියාත්මක කරනුයේ අතිවිශාල මුදල් ගනුදෙනු මතයි. නමුත් මේවායේ ලාභය ගන්නේ බහුජාතික සමාගම් විසිනුයි.

මේ වන විට වකුගඩු රෝගයෙන් පනස්‌ දහසක්‌ පමණ මිය ගොස්‌ තිබෙනවා
- ස්‌වර්ණ හංස පදනමේ සභාපති ගාල්ලගේ පුණ්‍යවර්ධන

තවත් පන් ලක්‍ෂයකට වඩා පිරිසකට වකුගඩු රෝගය බෝවෙමින් පවතිනවා. මේ අන්දමේ මහා මිනිස්‌ ඝාතන යක්‌ සිදු කළ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය යළිත් ලෝක ආහාර දිනය අපේ රටේ පවත්වනවා....

මෙම ඇමැතිකම මා කරන්නේ අමාරුවෙන්
- ඇමැති තිස්‌ස කරල්ලියෑද්ද

විෂය භාරව ඉන්නා නිලධා රීන්ගෙන් අතේ ඇඟිලි ප්‍රමාණයටවත් මෙම අමා ත්‍යාංශයට ආදරය කරන අය හොයා ගැනීම බැරි යෑයි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්‌ස කරල්ලියද්ද මහතා පවසයි.

දහම් පාසල් ගුරු සේවයට පිරිමි ඉන්නේ 10% යි

දිවයිනේ තිබෙන දහම් පාසල්වල ගුරු සේවයට එක්‌වී ඇති පිරිමි පක්‍ෂය ඉතාම සුළු ප්‍රමාණයක්‌ බව බෞද්ධ කට යුතු සමායෝජක අංශවලින් අනාවරණය වේ.

පාසල් දැරියගේ ළැම අත ගෑ බව කියන
45 හැවිරිදි සැකකරු රිමාන්ඩ්

ශිෂ්‍යාව පාසල් යමින් සිටියදී පාපැදියේ ගමන් කරමින් සිටි සැකකරු දැරියගේ ළැම ප්‍රදේශය අතපත ගෑ බවට ලැබුණු පැමිණිලි මත......

කැටපත් පවුරේ කුරුටු ගී වැනසීයාද?

කැටපත් පවුරේ කුරුටු ගී ආශ්‍රිතව මතුවී ඇතැයි පැව සෙන සුදු පැහැති පැල්ලම් විශේෂය ඉවත් කිරීමේ කටයුතු තව දින කීපයකින් ආරම්භ කෙරේ.

14 හැවිරිදි දැරිය අපහරණය කළ බව
කියන සැකකාර පෙම්වතා සොයා පරීක්‌ෂණ

මෙම දැරිය සැකකාර පෙම්වතා සමග වරක්‌ හොර රහසේ ගොස්‌ සිට ඇති අතර හුංගම පොලිසිය විසින් පසුව දෙදෙනාම අත්අඩංගුවට ගෙන....

දේශීය දියර කිරි නිෂ්පාදනය නැංවීමට
කිරි දෙනුන් 1500 ක්‌ ආනයනය කිරීමට යයි

ආනයනය කරන කිරි දෙනක ගේ මිල රුපියල් දෙලක්‍ෂ හැත්තෑපන්දහසක්‌ වන බවත් කිරි ගොවීන් සඳහා දැරිය නොහැකි මිලක්‌ නිසා....

යාල සෆාරි ජීප් රථ සංගමය දිවයිනට තුති පුදයි

අනවසර කඳවුරු බිම් පිළිබඳව දිවයින පුවත්පත මගින් අනා වරණය කරමින් ඉටු කළ සේවාවට සිය ස්‌තුතිය පුද කරන බව නිවේදනයක්‌ නිකුත් කරමින් යාල සෆාරි ස්‌වාධීන ජීප් රථ සංගමය පවසයි.

මාවුස්‌සාකැලේ හා කාසල්රී ජල මට්‌ටම නගී

මාවුස්‌සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්‌ටම මේ වනවිට 75% කින් ඉහළ ගොස්‌ ඇති බව විදුලිබල මණ්‌ඩලය පවසයි.

රජය කේ. පී. නිදොස්‌ කරන්නේ ජාත්‍යන්තර නීතියත් කඩ කරමින්

ඔහු සතුව රුපියල් කෝටි 22000 කට අධික මුදලක්‌ ද විදේශ රටවල නැව් සහ ඉන්ධනහල් ද ඇති බවට වත්මන් රජය විසින්ම ප්‍රකාශ කළ බව කී තිස්‌ස අත්ත නායක මහතා...

ජනාධිපති මත්තල ජාත්‍යන්තර
ගුවන්තොටුපළේ නිරීක්‍ෂණ චාරිකාවක


එහිදී ගුවන් යානා පාලක මැදිරිය පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන අයුරු මෙහි දැක්‌වේ.

අධ්‍යාපනයට 6% ක්‌ වෙන් කරනු
- අත් පත්‍රිකා බෙදායි

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානය මෙහෙයවූ අත් පත්‍රිකා බෙදා හැරීමක්‌ ඊයේ (23 දා) කොටුව දුම්රිය ස්‌ථානය අසලදී සිදුවිය.


රක්‌ෂණ ආයතන ලියාපදිංචියේදී
රක්‌ෂණ මණ්‌ඩලයට ගෙවිය යුතු මුදල් ගැන විවාදය අද

රක්‌ෂණ ආයතනයක්‌ ලියාපදිංචි කිරීම හා පවත්වාගෙන යැම සඳහා රුපියල් පන්ලක්‌ෂයක මුදලක්‌ සහ ඒ මත බදු මුදල් රක්‌ෂණ මණ්‌ඩලයට ගෙවිය යුතු බව දැක්‌වෙන නියෝග අද (24) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිතය.

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඉවත් කිරීමට
තුනෙන් දෙකක බලය අවස්‌ථාවක්‌ කර ගනිමු

- ඇමැති පාඨලී චම්පික රණවක

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නමැති පිළිකාව ජාතික දේහයෙන් ඉවත් කිරීමට ව්‍යවස්‌ථාදායකයේ තුනෙන් දෙකක සංයුතියක්‌ ආණ්‌ඩුවට ඇති බැවින් එය ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ කරගත යුතු බව

"13" ගැන ජනමත විචාරණකයට
මුස්‌ලිම් කොංග්‍රසයේ විරෝධය

ජනමත විචාරණයක්‌ පවත් වනවානම් නම් පැවැත්විය යුත්තේ උතුරු හා නැගෙන හිර පළාත්වල පමණක්‌ බව මුස්‌ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලි මහතා පවසයි.


 
  • දෑස නොපෙනුනත් වැඩිය පාඩු නෑ

    මෙම මංගල උත්සවය ඉතා සුවිශේෂී එකක්‌. තම අනාගත සහකරුවා දැස්‌ ආබාධයකින් සිටින බව දැන දැනත් මෙම යොවුන් රූමත් තරුණිය කළේ විශාල කැපකිරීමක්‌ එනිසාම මංගල ඇඳුම්, උත්සව ශාලා, රං ආභරණ, ඡායාරූප, කෑම බිම ඇතුළු සියලු වියදම් අපි දරමින් මහඟු පරිත්‍යාගයක්‌ කළා.

  

  • Construction Expo 2012 ප්‍රදර්ශනයේ දී
    "ආපිකෝ" විශිෂ්ඨතම සම්මානයෙන් පිදුම් ලබයි

    Construction Expo 2012 ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි කාගේත් ආකර්ෂණය ලද එම ප්‍රදර්ශන කුටිය සමන්විත වූයේ, ආපිකෝ සමාගමේ කීර්තිමත් නිෂ්පාදනයක්‌ වන ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට පූර්ණ ජල විසඳුම් සපයන වතුර ටැංකි ආපිටෙක්‌ වතුර පොම්ප PVC ජලනල හා උපාංග, විවිධ මාදිලියේ ආපිකෝ මෙට්‌ට, CFL බල්බ, විවිධ මාදිලියේ සෝෆා ඇතුළු ගෘහභාණ්‌ඩ, රිජිෆොaම්, රබර් හා ප්ලාස්‌ටික්‌, සීලින් ෆෑන් නිෂ්පාදන වලිනි.

  


 

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.