සපුගස්‌කන්දේ වැඩ නතර වීමෙන්
දිනක පාඩුව කෝටි
5 1/2 පනී


ශිරාන් රණසිංහ

සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොර තෙල් ආනයනය පමා වී එහි කටයුතු නතර වීමෙන් දිනකට ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට දැරීමට සිදු වන පාඩුව රුපියල් කෝටි පහමාරද ඉක්‌මවා යනු ඇතැයි තෙල් සංස්‌ථාව ගණන් බලා තිබේ.

තෙල් සංස්‌ථාවේ පරිපාලන දුර්වලතා නිසා බොර තෙල් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා නැති අතර, යළිත් හදිසි මිලදී ගැනීම් යටතේ රටට අවශ්‍ය පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් හා ගුවන් යානා තෙල් මිලදී ගන්නට තීරණය කර ඇත්තේ තෙල් මාµ
ෆියාවේ අවශ්‍යතාවට යෑයි ද තෙල් සංස්‌ථා වෘත්තීය සමිති පෙන්වා දෙති.

සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවෙන් දිනකට තෙල් බැරල් පනස්‌දහසක්‌ නිෂ්පාදනය කළ බවත් මේ වන විට එහි නිෂ්පාදනය දිනකට ඉන්ධන බැරල් විසිපන්දහස දක්‌වා අඩු වී ඇත්තේ ද වරින් වර පත් වූ පාලනාධිකාරියේ වරදින් බවත් ඔවුහු පවසති.

ඉරානියන් ලයිට්‌ වර්ගයේ බොර තෙල් ලැබුණේ නම් පිරිපහදුවේ දී සියයට සියයක නිෂ්පාදනයක්‌ කළ හැකි වුවද,  ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක නිසා ඇරබියන් ලයිට්‌ හා මිරි ලයිට්‌ වර්ග මිශ්‍ර කර පිරිපහදුව පවත්වාගෙන ගිය බැවින් සියයට විස්‌සකින් පමණ පිරිපහදු වන නිෂ්පාදන පසුගිය මාස කිහිපයේදී අඩු වූ බව පිරිපහදුවේ උසස්‌ නිලධාරීහු දිවයින  කළ විමසීමේදී කියා සිටියහ.

ඕමන් ලයිට්‌ වර්ගයේ බොරතෙල් මෙරටට ගෙන්විය හැකිව තිබුණ ද අදාළ ටෙන්ඩර් කැඳවීම නිසි පරිදි නොකළ පාලනාධිකාරිය කාගේ හෝ වුවමනාවක්‌ ඉටු කරමින් කිසිදු ටෙන්ඩර් පටිපාටියක්‌ අනුගමනය නොකරමින් බොර තෙල් මිලදී ගැනීමට තීරණය කර ඇතැයි ද ඔවුහු පෙන්වා දුන්හ.

මෙරටට බාල පෙට්‍රල්, බාල ඩීසල් ගෙන ආවේද හදිසි මිලදී ගැනීම් සිදු වූ අවස්‌ථාවල යෑයි ඒ පිළිබඳ සෙවීමට පත් කළ කමිටුව හෙළි කළ පසු ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ කිසිම විටක හදිසි ඉන්ධන මිලදී ගැනීමකට යළි නොයන බවයි.

මෙරටට අවශ්‍ය භූමිතෙල් වලින් සියයට අසූපහක්‌ ම සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවෙන් මෙතෙක්‌ කලක්‌ නිෂ්පාදනය කළ අතර එම ප්‍රමාණය දිනකට මෙටි්‍රක්‌ ටොන් තුන්සිය පනහකි.

මෙරටට අවශ්‍ය ගුවන් යානා තෙල් වලින් (ජෙට්‌ ඔයිල්) සියයට අසූවක්‌ම සපුගස්‌කන්ද පිරිපහදුවෙන් නිපදවන අතර එම ප්‍රමාණය දිනකට මෙටි්‍රක්‌ ටොන් තුන්සිය පනහකි.

මෙරටට අවශ්‍ය ගුවන් යානා තෙල් වලින් (ජෙට්‌ ඔයිල්) සියයට අසූවක්‌ම සපුගස්‌කන්ද පිරිපහදුවෙන් නිපදවන අතර එම ප්‍රමාණය දිනකට මෙටි්‍රක්‌ ටොන් පන්සියයකි. තවත් මෙටි්‍රක්‌ ටොන් තුන්සියයක්‌ ආනයනය කෙරිණි.

මෙරටට අවශ්‍ය ඩීසල් හා පෙට්‍රල්වලින් සියයට තිහක්‌ම සපුගස්‌කන්ද පිරිපහදුවෙන් නිෂ්පාදනය කරගත් අතර විදුලි බලාගාර හා කර්මාන්තශාලාවලට අවශ්‍ය දැවිතෙල්වලින් සියයට හැත්තෑවක්‌ම මෙමගින් නිපදවා ගත් බව පිරිපහදුවේ ප්‍රධානීහු පැවැසූහ.

මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව මහජන බැංකුවට හා ලංකා බැංකුවට රුපියල් බිලියන එකසිය තිස්‌එකක (131) මුදලක්‌ ණයව සිටි අතර සංස්‌ථාව දිනකට ලබන පාඩුව රුපියල් බිලියන එකසිය දහඅටක්‌ (118) යෑයි තෙල් සංස්‌ථා මූල්‍ය අංශය ගණන් බලා තිබේ.

රාජ්‍ය ආයතනවලින් ද තෙල් සංස්‌ථාවට රුපියල් බිලියන හැත්තෑදෙකක්‌ අයවිය යුතුව ඇතැයි ද වාර්තා සඳහන් කරයි.

සපුගස්‌කන්ද පිරිපහදුව මෙලෙස නවතා දමා එය පාඩු යෑයි පෙන්වා සපුගස්‌කන්ද හා තෙල් සංස්‌ථාවේ කොටසක්‌ චීනයේ සෙනාපෙක්‌ස්‌ නමැති සමාගමකට හා ඉන්දීය තෙල් සමාගමකට විකිණීමට පිරිසක්‌ වළිකන බව ද වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.

 
Powered By -


       උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
           223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.