රම්බොඩ වත්තේ ඝාතනය
එකම පවුලේ මව, පියා සහ පුතා පෝරකයට

සිරිල් විමලසුරේන්ද්‍ර

රම්බොඩ පෙරෙට්‌ටාසි වත්තේ පුද්ගලයකු කපා කොටා පහරදී ඝාතනය කිරීමේ අධි චෝදනා ලැබ සිටි මව, පියා සහ පුත්‍රයා වරදකරුවන් බවට පත්වීමෙන් පසුව මහනුවර මධ්‍යම පළාත්බද මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඊයේ (23 වැනිදා) ඔවුන්ට මරණ දඬුවම් නියම කළේය.

මාරි ගොවින්දසාමි (54) ඔහුගේ බිරිඳ වෛත්‍යලිංගම් ඉන්ද්‍රානි (49) සහ ඔවුන්ගේ පුත්‍ර ගොවින්දසාමි ප්‍රභූ (19) යන තිදෙනාට මෙලෙස මරණීය දණ්‌ඩනය නියම විය.

වර්ෂ 2007 අගෝස්‌තු මස 29 වැනිදා හෝ ආසන්න දිනයකදී පෙරෙට්‌ටාසි වත්තේදී තියුණු ආයුදවලින් හා පොලුවලින් පහරදී දිසානායක මුදියන්සේලාගේ සෙනරත් බණ්‌ඩා (51) යන අය ඝාතනය කළැයි ඔවුහු අධි චෝදනා ලැබ සිටියහ.

තිදෙනා වෙන් වෙන් වශයෙන් වරදකරුවන් කරමින් මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මෙම දඬුවම් නියම කළේය.

රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා පැමිණිල්ල ඉදිරිපත් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.