තවලම සහ නෙළුවේ නිවාස
දෙකක්‌ මතට පස්‌ කඳු කඩා වැටේ


ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි සහ ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද

තවලම සහ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල නිවාස දෙකක්‌ මතට පස්‌ කඳු කඩා වැටීම හේතුවෙන් ඒවාට බරපතළ හානි සිදුව තිබිණි.

පසුගිය දින කීපය තුළ ගාල්ල දිස්‌ත්‍රික්‌කයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ලේල්වල ඉහළ ප්‍රදේශයේ නිවසකට හා තවලම මූකලාන ප්‍රදේශයේ නිවසකට ද හානි සිදුවිය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගිංගඟ උතුරා යැමෙන් උඩුගම, නාගොඩ, හිනිදුම ආදී ප්‍රදේශවල පහත්බිම් රැසක්‌ ජලයෙන් යට වී තිබිණි.

ගිංගගේ ජල මට්‌ටම ඉහළ යැමේ අවදානමක්‌ ඇති බැවින් පහත් බිම්වල පදිංචිකරුවන් දියට බැසීමෙන් වළකින ලෙස ද නායයැමේ අවදානමක්‌ සහිත කලාපවල ජනතාව සැලකිල්ලෙන් පසුවන ලෙස ද ගාල්ල දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ අංශය දන්වා සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.