ළිං බද්දක්‌ නෑ

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

ළිං බද්දක්‌ පැනවීමට රජය කිසිදු තීරණයක්‌ ගෙන නැතැයි ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

නිලධාරීන් කරන ප්‍රකාශ රජයේ තීරණ ලෙස සැලකිය නොහැකි බව කී දිනේෂ් ගුණවර්ධන මහතා, ජලසම්පාදන ඇමැතිවරයා ලෙසත්, ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙනුවෙන් තමන් වගකීමෙන් යුක්‌තව පවසන්නේ ළිං සඳහා රජය කිසිදු බදු පැනවීමක්‌ සිදු නොකරන බව යෑයි ද කීය.

ජනතාවාදී රජයක්‌ ලෙස මෙවැනි තීරණයක්‌ ගෙන නැතැයි කී දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිළිබඳව ඇමැති මණ්‌ඩලය වෙත යෝජනාවක්‌ ඉදිරිපත් කර නැතැයි ද පැවසුවේය.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා ඉහත ප්‍රකාශය කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.