ජනපති ඩුබායි ගිය යානයේ තිබුණේ සුළු දෝෂයක්‌

හේමන්ත රන්දුණු

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඩුබායි සංචාරය සඳහා වෙන්කර තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ඹඛ 1207 යානයේ තිබී ඇත්තේ වායුසමීකරණයක සුළු දෝෂයක්‌ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇත.

ඉකුත් 21 වැනිදා, මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු නියෝජිත පිරිස ඩුබායි සංචාරය සඳහා යැමට නියමිතව තිබූ යානයේ දෝෂ සහගත තත්ත්වයක්‌ ඇතිවී තිබූ බව හෙළිවීමෙන් පසු වෙනත් යානයකින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඩුබායි බලා පිටත්ව ගියහ.

මෙම යානයේ කිසියම් දෝෂ සහිත තත්ත්වයක්‌ තිබෙන බව මුලින්ම සොයාගනු ලැබුවේ ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසිනි.

පසුව මේ පිළිබඳව පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබීය.

එහිදී සිදු කළ පරීක්‍ෂණවලින් අනාවරණය වූයේ යානයේ ඇතිවී තිබූ තත්ත්වය බරපතළ එකක්‌ නොවන බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.