ඔස්‌ටේ්‍රලියාවට පනිද්දී ඇල්ලූ 35 ක්‌ රිමාන්ඩ්

අහංගම - සුගතපාල දීයගහගේ

නීති විරෝධී ලෙස ඔස්‌ටේ්‍රලියාව බලා යමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ 35 දෙනෙකු නොවැම්බර් 02 වන දින දක්‌වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් යූ. එස්‌. කලංසූරිය මහතා නියෝග කළේය.

මෙම සියලු දෙනා ගන්දර සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචි සිංහල තරුණයෝ වෙති. ඔවුන් ඉකුත් 16 වැනිදා ගන්දර මුහුදු වෙරළින් බහුදින ධීවර යාත්‍රාවක නැගී ඔස්‌ටේ්‍රලියාව බලා යමින් සිටියදී නාවික හමුදාව විසින් දෙවිනුවර සිට සැතපුම් දහයක්‌ පමණ දුර මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද පිරිස මාගාල්ල දක්‌ෂිණ නාවික හමුදා කඳවුර වෙත ගෙනැවිත් වරාය පොලිසියට බාරදීමෙන් පසු වැඩිදුර පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.