මානව හිමිකම් සමාලෝචන සමුළුවට
ශ්‍රී ලංකාවට එරෙහි වාර්තා 46 ක්‌


කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් සමාලෝචන සමුළුව වෙත විමර්ශන වාර්තා 46 ක්‌ යොමු කර ඇති අතර ඉන් 17 ක්‌ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති බවත් ශ්‍රී ලංකා රජය විසින් සොයාගෙන ඇත.

මෙලෙස යොමු කර ඇති කරුණු අතර උතුරේ හමුදා කඳවුරු පවත්වාගෙන යැම, අලුතින් හමුදා කඳවුරු ඉදිකිරීම, රාජ්‍ය නොවන සංවිධානවලට ඕනෑම තැනකට යැමට ඉඩ නොදීම, කොටි ත්‍රස්‌තයන් මුදා නොහැරීම, විදෙස්‌ මාධ්‍යවේදීන්ට අධි ආරක්‍ෂක කලාපවලට යැමට ඉඩ නොදීම යන කරුණු ද වේ.

මේ හැර චැනල් ෆොa වීඩියෝ පටය ගැන විමර්ශනය නොකිරීම ද යන කරුණු ඊට ඇතුළත් වී ඇත. මෙම චෝදනා ගැන රජය නිසි ප්‍රතිචාර දැක්‌වීමට සූදානම් යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.