යාල සෆාරි ජීප් රථ සංගමය දිවයිනට තුති පුදයි

දෙබරවැව - ඒ. ඒ. පේමසිරි

යාල ජාතික වනෝද්‍යානය තුළ පරිසරයට අහිතකර ලෙස සහ වන සතුන්ට හිරිහැර ලෙස හරිත වන ප්‍රදේශයන්හි පවත්වා ගෙන ගිය අනවසර කඳවුරු බිම් පිළිබඳව දිවයින පුවත්පත මගින් අනාවරණය කරමින් ඉටු කළ සේවාවට සිය ස්‌තුතිය පුද කරන බව නිවේදනයක්‌ නිකුත් කරමින් යාල සෆාරි ස්‌වාධීන ජීප් රථ සංගමය පවසයි.

පෞද්ගලික ආයතන මගින් වනෝද්‍යානය තුළ පවත්වා ගෙන ගිය කඳවුරු පිළිබඳව zදිවයිනZ මගින් අනාවරණය කිරීම ජීප් රථ සංගමය මගින් ගෙන ගිය අරගලයට ශක්‌තියක්‌ වූ බව ස්‌වාධීන ජීප් රථ සංගමයේ ලේකම් තරිඳු ජයසිංහ මහතා සහ සභාපති පී. ඩී. කීර්ති මහතාගේ අත්සනින් යුත් එම නිවේදනයෙහි තවදුරටත් සඳහන් කර තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.