මාවුස්‌සාකැලේ හා කාසල්රී ජල මට්‌ටම නගී

මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක

මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිහිටි පෝෂිත ප්‍රදේශවලට දින කීපයක්‌ තිස්‌සේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මාවුස්‌සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්‌ටම ශීඝ්‍රයෙන් ඉහළ නගිමින් පවතී.

ජාතික ජල විදුලි බල පද්ධතියට අයත් නව ලක්‌ෂපාන, ලක්‌ෂපාන, පොල්පිටිය, කැනියොන් හා විමලසුරේන්ද්‍ර යන ප්‍රධාන ජල විදුලි බලාගාර පහ සඳහා ජලය සැපයෙන මාවුස්‌සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්‌ටම මේ වනවිට 75% කින් ඉහළ ගොස්‌ ඇති බව විදුලිබල මණ්‌ඩලය පවසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.