ගොවීන් අගාධයට දැමීමේ ජාත්‍යන්තර
කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වෙනවා

- සජිත් ප්‍රේමදාස

සිරිමන්ත රත්නසේකර

රටට බත සපයන ගොවි රජවරු ආර්ථික හා සමාජයීය වශයෙන් දැඩි ආගාධයකට ඇද දමන ජාතික කුමන්ත්‍රණයක්‌ රට තුළ ක්‍රියාත්මක වන බව එක්‌සත් ජාතික පක්‌ෂ නියෝජ්‍ය නායක හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23 වැනිදා) නාරාහේන්පිට පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවැසීය.

වත්මන් රජය බහුජාතික සමාගම් සමග එක්‌ව මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් සිටින බවට සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.

අපි වවමු රට නගමු, කෙතට අරුණක්‌ සහ වගා ලංකා වගා සංග්‍රාමය වචනයට පමණක්‌ සීමා වී ඇති බවත් පැවසූ සජිත් ප්‍රෙAමදාස මහතා වත්මන් ආණ්‌ඩුව බොරුවෙන් හා වංචාවෙන් සියලු දේ වසා ගැනීමට උත්සාහ කරන බවත් පැවැසීය.

කපා හරින බවට පොරොන්දු වූ ගොවි ණය නැවත අය කරගැනීමට කටයුතු කරමින් ළිං සඳහා බද්දක්‌ අය කිරීමට සැලසුම් කරමින් සහ රටේ ඉඩම් අක්‌කර දස දහස්‌ ගණනක්‌ බහු ජාතික සමාගම්වලට කුණු කොල්ලයට ලබා දෙමින් රජය ගොවීන් කබලෙන් ලිපට ඇද දැමීමට ක්‍රියාකර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.